ෆෝට‍්‍ර‍්‍රස් රිසෝට් ඇන්ඩ් ස්පා අන්තර්ජාලයට හැරෙයි
Srilankamirror – සාම්ප‍්‍රදායික ලෙස සංචාරක ඒජන්තයින් හරහා හෝටල් කාමර වෙන්කර ගැනීමට වඩා අන්තර්ජාලය ඔස්සේ කාමර වෙන්කර ගැනීම වඩාත් ජනපි‍්‍රය වෙමින් පවතින අතර, මෙම තත්ත්වය හමුවේ අන්තර්ජාලය ඔස්සේ අලෙවිකරණයට යොමුකිරීමට ෆෝට‍්‍ර‍්‍රස් රිසෝට් ඇන්ඩ් ස්පා හෝටලය සැරසෙයි.
සිය වාර්ෂික වාර්තාව ඔස්සේ හෝටලයේ ප‍්‍රධාන විධායක සුමිත් ආදිහෙට්ටි පවසන්නේ අන්තර් ජාලය ඔස්සේ කාමර වෙන්කර දීමේ සේවා සපයන Jetsetter, Impulseflyier හා Exosphere යන සමාගම් සමග ෆෝට‍්‍ර‍්‍රස් රිසෝට් ඇන්ඞ් ස්පා හෝටලය ගිවිසුම් වලට එළැඹ තිබෙන බවයි.
සංචාරක ඒජන්තවරුන්ට ලෝකයේ හෝටල් කාමර වෙන්කර දීමේ වෙළඳපොළින් තුනෙන් එකක් අයත් වනවිට අඩක්ම අන්තර් ජාලය ඔස්සේ කාමර වෙන්කර දෙන සමාගම් වලට අයත් බවිවර්ල්ඩ් ට‍්‍රැවල් මොනිටර්’ නම් සංචාරක කර්මාන්තය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති ජාත්‍යන්තර උපදේශන සමාගම පවසන බව ෆෝට‍්‍රස් සමාගම පවසයි.
ෆෝට‍්‍ර‍්‍රස් රිසෝට් ඇන්ඩ් ස්පා හෝටලයේ ප‍්‍රධාන කොටස්හිමිකරුවන් වන්නේ ශ‍්‍රී ලංකාවේ වැලිබෙල් සමාගම හා එම්. ජේ. එෆ් හෝල්ඩින්ග්ස් සමාගමයි.




Tweet This
Share on Facebook
Digg This
Save to delicious
Stumble it
RSS Feed





