ඔලිම්පික් හි කාන්තා දායකත්වය
Srilankamirror – (වේගය හා ශක්තිය උරගාන ඔලිම්පික් උළෙල -දෙවැනි කොටස)
1896 පැවති ඔලිම්පික් තරගවලදී කාන්තා සහභාගිත්වය නිල වශයෙන් සිදු නොවුණ අතර අතීතයේදී කාන්තා ක‍්‍රීඩා තරග බොහෝ සමාජයන් විසින් උදහසට ලක් කෙරිණි. 19 වැනි හා 20 වැනි ශතවර්ෂවලදී ඉංග‍්‍රී‍්‍රීසි පොදු පාසල් පසුබිම හරහා දියත් කෙරුණු පිතෘමූලික සමාජයෙන් කාන්තා ක‍්‍රීඩා අධෛර්යමත් කරන සමාජ සංස්කෘතීන් බිහිවිය.
මෙම ලිංග භේදයේ එතෙක් පැවති තත්ත්වය වෙනස් කිරීමට එකල ක‍්‍රීඩා අරමුදල් සපයන ආයතන කටයුතු කර තිබුණි. විශේෂයෙන්ම 1787 පිහිටවූ ඵ්රහකැඉදබැ ක්‍රසජනැඑ ක්‍කමඉ (ඵජජ* හා ඛැ්බාැර ඍදඅසබට ක්‍කමඉ යන ක‍්‍රීඩා සමාජ විසින් 20 වැනි ශතවර්ෂය අග වනවිට සිය දොරටු කාන්තාවන් සදහා විවෘත කර තිබුණි. එසේ විවෘත කෙරුණේද එක්සත් රාජධානියේ ලොතරැයි ක‍්‍රීඩා අරමුදලේ අවශ්‍යතාවයකට අනුවය.
එහෙත් 20 වැනි සියවස වනවිට කාන්තා සහභාගිත්වයේ කැපී පෙනෙන දියුණුවක් ඇති වුවද ක‍්‍රීඩා ලෝලීන් හෝ මලල ක‍්‍රීඩාවන් සඳහා වූ ස්තී‍්‍ර සහභාගිත්වය පිරිමි සහභාගිත්වයට සාපේක්‍ෂව අඩු විය. පිහිනුම් හා ව්‍යායාම් ක‍්‍රීඩා ( දිගාදුම් ක‍්‍රීඩා) සඳහා කාන්තාවන්ගේ වැඩි නැඹුරුවක් දක්නට ලැබුණි. කෙසේ වෙතත්, පිරිමින් සඳහා වූ තරග සැසඳීමේදී කාන්තා තරගයන්හි තරගකාරිත්වය අඩු විය.
කාන්තා අයිතවාසිකම් සුරැුකෙන පරිදි 1972 සම්‍මත වූ ඔසඑකැ – සං පනත ගෙන ඒමෙන් පසුව ඔලිම්පික් කාන්තා සහභාගිත්වය කැපී පෙනෙන ලෙස වර්ධනය විය. මෙහි ප‍්‍රධානතම කාර්යය වූයේ ලිංග භේදය තුරන් කර සැමට සමාන අයිතිවාසිකම් ලබා දීමය.
වසර 1980 යුගවලදී සප්ත ප‍්‍රයාම ක‍්‍රීඩා සඳහා කාන්තාවන් තරග වැදුනි. මූලිකව පවත්වනු ලැබූ පංචප‍්‍රයාම තරග ඉසව්වලට අමතරව පසුකාලීනව මීටර 800 සහ හෙල්ල විසි කිරීමේ ඉසව් මේ සඳහා එක් කරනු ලැබිණි. ඔලිම්පික් ක‍්‍රීඩා වලදී පළමුවරට මෙම තරගය පවත්වනු ලැබූයේ 1981 වසන්ත ඔලිම්පික් ක‍්‍රීඩා තරගාවලියේදීය.
පසුකාලයේ දී කාන්තාවන් දශ ප‍්‍රයාම (ඩිකැත්ලන්) තරග සඳහා සහභාගි විය. කී‍්‍රඩා කළ පිරිමින් සඳහා වූ දශ ප‍්‍රයාම තරග ඉසව් හි ජයග‍්‍රාහකයන් තේරීම මෙන්ම තරග වාර්තා සටහන් තැබීම ද අන්තර්ජාතික මලල ක‍්‍රීඩා සම්මේලනය සිදුකළද කාන්තාවන් සඳහා වූ තරග වල ජයග‍්‍රාහකයන් පමණක් තෝරන ලදී.
ලොව මහා ක‍්‍රීඩා සැණකෙළිය වන ඔලිම්පික් තරගාවලියේදී සිය දේශයන් නියෝජනය කරන්නේ මුස්ලිම් කතුන් අතලොස්සක් පමණි. සෞදි අරාබියේදී මේ තත්ත්වය වඩාත් තදින් පවතී. සෞදි කතුන් මින් පෙර කිසිදිනෙක ඔලිම්පික් තරගාවලියක් නියෝජය කර නැත. ලෝකයත් සමග යාවත්කාලීන වීමේදී මෙම තත්ත්වය අද වන විට වෙනස් වී තිබේ. අප මේ කියන්නට යන්නේ ආගමික නීතිය අභිබවා ගොස් කුසලතාවයන් ඉදිරියට පැමිණීම පිළිබඳව සුභාරංචියකි. ලෝක ඉතිහාසයේ පළමු වතාවට සෞදි කතුන් දෙදෙනෙකු 2012 ලන්ඩන් ඔලිම්පික් සැණකෙළිය නියෝජනය කරන්නට සැරසෙති. පර්දාවෙන් මුහුණ වසාගෙන ලෝකයට වසන් වී සිටියත් ඔවුන්ගේ ක‍්‍රීඩා කෞශල්‍යයන් තව දුරටත් සගවා තබා ගන්නට සෞදි ක‍්‍රීඩා බළධාරීන් හට නොහැකි වී තිබේ. පිහිනුම් ශූරියක වන නාඩා අර්කාජි සහ කෙටි දුර ධාවන ශූරී නූර් අල් මල්කි යන යුවතියන් දෙදෙනා මෙවර ඔලිම්පික් සැණකෙලියට ඉදිරිපත් කරන බව සෞදි ඔලිම්පික් කමිටුව දැනටමත් නිවේදනය කර හමාරය. ඔවුන් ජගත් ඔලිම්පික් කමිටුවෙන් මේ සඳහා ඉල්ලීමක් කර ඇතැයිද වාර්තා වේ.


සටහන – හිමාෂි කරුණාරත්න
(අන්තර්ජාලය ඇසුරෙනි)




Tweet This
Share on Facebook
Digg This
Save to delicious
Stumble it
RSS Feed





