මුබාරක් මරණාසන්නව?
Srilankamirror – බරපතල ලෙස රෝගාතුර ව සිටින ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් මරණාසන්නව සිටින බව විදෙස් වාර්තා කියයි.
මුබාරක් සායනික වශයෙන් මරණයට පත්ව ඇතැයි ඇතැම් විදෙස් වාර්තා සඳහන් කරන නමුත්, ඔහුට තවමත් වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදෙමින් සිටින බව නයිල් ටීවී වාර්තා කර ඇතැයි බීබීසී ලෝක සේවය කියා සිටියි.
මේ වන විට 84 වියේ පසුවන මුබාරක් අඝාතයකට (Stroke) ලක්වීමෙන් අනතුරුව ප‍්‍රතිකාර සඳහා ඔහුව බන්ධනාගාරයේ සිට හමුදා රෝහලකට ගෙන ගොස් ඇතැයි බීබීසී ය වැඩිදුරටත් සඳහන් කරයි.
පසුගිය වසරේදී ඊජිප්තුවේ පැවති උද්ඝෝෂණ වලින් අනතුරුව මුබාරක් බලයෙන් පහකරනු ලැබුණු අතර, පසුගියදා ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ද නියම විය.
මේ අතර, ඊජිප්තුවේ පාලක හමුදා කවුන්සිලය විසින් අළුතින් ලබාගත් බලයට විරෝධය දක්වමින් දසදහස්ගණන් ජනයා කයිරෝ අගනුවර තරීර් චතුරස‍්‍රයට රැස්වී ඇතැයි විදෙස් වාර්තා වල වැඩිදුරටත් දැක්වේ.




Tweet This
Share on Facebook
Digg This
Save to delicious
Stumble it
RSS Feed





