දෑත්වලින් කිලිමැන්ජාරෝ මුදුනට ගිය ස්පෙන්සර්


Srlankamirror – අතපය සතරම තිබුනත් තරණය කිරීමට අපහසු අපි‍්‍රකාවේ උසම කඳු මුදුන වන කිලිමැන්ජාරෝ කඳු මුදුනට දෑතේ වීරියෙන් ගිය දෙකකුල් අහිමි මිනිසෙකු ගැන පුවතකි මේ.

කැනේඩියානු ජාතිකයෙකු වන 31 හැවිරිදි ස්පෙන්සර් වෙස්ට් විසින් මෙම දස්කම් දක්වා ඇත.

උපතින්ම ශාරීරික ආබාධයකට ගොදුරුව සිටි ස්පෙන්සර් ගේ පාද සම්පූර්ණයෙන්ම ශල්‍යකර්ම මගින් ඉවත් කර ඇත.

ඒ අනුව ඔහු අඩි 19,341ක් උසැති මෙම කන්ද තරණය කර ඇත්තේ සිය දෑත් වලින් හා රෝදපුටුවේ ආධාරයෙනි.

කෙසේ වෙතත් මෙම ගමනේ 80%ක් පමණ දුර ප‍්‍රමාණයක් ඔහු ගමන් කර ඇත්තේ සිය දෑත් වල වාරුවෙන් බව සඳහන් වේ.

වසරක් පමණ විශේෂ පුහුණුවක් ලැබීමෙන් පසුව මෙම ගමන සඳහා ස්පෙන්සර් සූදානම් වී ඇත්තේ ඔහුගේ හොඳම මිතුරන් වන ඬේවිඞ් ජොන්සන් හා ඇලෙක්ස් මියර්ස් සමගයි.

ජුනි 12 දා ගමන් ආරම්භ කළ මොවුන් ජුනි 18 දා කිලිමැන්ජාරෝ ගිරි මුදුන කරා ගොස් ඇත.

මෙම කන්ද තරණය කිරීමට උත්සහ දරණ පුද්ගලයන් 50%ක් පමණ එය කිරීමට අසමත් වන නමුත්, ස්පෙන්සර් හා ඔහුගේ මිතුරන් මෙම කර්තව්‍යය සම්පූර්ණ කිරීමට සමත් වී ඇත.

මෙම අභියෝගයට මුහුණදුන්නේ තමාගේ හැකියාවන් මොනවාදැයි තේරුම් ගැනීමට නොව බාධක හා අභියෝග ජයගැනීමට වෙනත් පුද්ගලයන් පෙළඹවීමට බව ස්පෙන්සර් පවසයි.

ස්පෙන්සර් ගේ මෙම අපූරු ගමන මගින් නියගයෙන් දුක්විඳින දහස්ගණන් කෙන්යානු ජාතිකයන්ට ආහාරපාන ලබාදෙන ‘ෆී‍්‍ර ද චිල්ඞ්රන්’ නම් පුණ්‍යාතනය සඳහා පවුම් 300,000 කට අධික ආධාර රැුස්වී ඇතැයි ද විදෙස් වාර්තා වල වැඩිදුරටත් සඳහන් වේ.

(ඡායාරූප අනුග‍්‍රහය : ඬේලිමේල්)
Spencer West, celebrates at the peak of Kilimanjaro on Monday, after scaling the tallest mountain in Africa on his handsMr West's hands were left bloodied and bruised after the trek, but insists the pain and discomfort were 'worth it'

Mr West slipped a pair of flip-flops on his hands to help him negotiate the rocky terrain during his hike up the mountain, which looms in the backgroundSpencer West spent a year training for the Kilimanjaro trek at his home in Toronto, CanadaThe brave climber grins as he reaches the foot of Kilimanjaro - ahead of the final trek to the top

Comments are closed.