ෆැසට්ස් 2012 සැප්තැම්බර් 05 දා ඇරඹේ
Srilankamirror – ශී‍්‍ර ලංකාවේ එකම මැණික් හා ස්වර්ණාභරණ දැක්ම සැප්තැම්බර් 05 වැනිදා සිට 08 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
ෆැසට්ස් 2012 ලෙස නම්කර ඇති මෙම ප‍්‍රදර්ශනය මෙවර පැවත්වෙන්නේ 22 වැනි වරටවීම විශේෂිතය.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් ඊයේ (20) කොළඹදී පැවැත්වුණු අතර, මෙහිදී www.facetssrilanka.com වෙබ් අඩවියද විවෘත විය.
මෙම ප‍්‍රදර්ශනය ශී‍්‍ර ලංකාවේ පැවැත්වීම වසර 2015 දී ඇමරිකානු ඩොලර් බිලියනයක අපනයන අවස්ථාව උදාකරදීම ඉලක්ක කර ගිනිමින් සිදුකරනු ලබන බව මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ෆැසට්ස් ශී‍්‍ර ලංකා හි සභාපති ජුසාර් ඇඩමලී මහතා පැවසීය.
ෆැසට්ස් 2012 සඳහා මේවන විට ඉන්දියාව, රුසියාව හා චීනය වැනි රටවලින් අඛණ්ඩව විමසීම් ගලා එන බවද පැවසූ හෙතෙම මේවන විටද එම ප‍්‍රදර්ශනයේ වෙළෙඳ කුටි 154 ම අලෙවි වී ඇති බවද කීය.
මෙහි ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කටයුතු කරනු ලබයි.
ෆැසට්ස් පළමු ප‍්‍රදර්ශනය 1991 වසරේදී වෙළෙඳ කුටි 40ක අවමයක් යොදාගනිමින් කොළඹ හිල්ටන් හෝටලයේදී පවත්වන ලද අතර එයට ඉතා විශාල ආනයන වර්ධනයක් කිරීමට හැකිවූ බවද පැවසේ.
ඡායාරූප – අජිත් සෙනෙවිරත්න





Tweet This
Share on Facebook
Digg This
Save to delicious
Stumble it
RSS Feed





