ටයිටැනික් නිළියට නම්බු නාමයක්
Srilankamirror – ටයිටැනික් නිළිය ලෙස අප කවුරුත් හඳුනන කේට් වින්ස්ලට් හට එංගලන්තයේ එලිසබෙත් මහ රැුජින වෙතින් නම්බු නාමයක් පිරිනැමී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එංගලන්ත මහ රැුජිනගේ 60 වැනි රාජකීයත්ව සැමරුම වෙනුවෙන් ගෞරව සම්මාන පිදෙනු ලබන පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවට කේට්ගේ නමත් එක් වී ඇති බව එම මාධ්‍ය වාර්තා කරයි.
ඇයට පිරිනමා ඇත්තේ සී. බී. ඊ. හෙවත් (Commander of The Order of the British Empire) නම් වූ නම්බු නාමයයි.
මේ වන විට 36 වැනි වියෙහි පසු වන ඔස්කා සම්මානලාභී කේට් හට මෙම සම්මානය පිරිනැමී ඇත්තේ ඇය විසින් දක්වන ලද විශිෂ්ට රංගන කුසලතාවන් හේතුවෙනි.
වසර 1997 දී තිරගත වූ ටයිටැනික් චිත‍්‍රපටයේ රෝස් නම් වූ යුවතියගේ චරිතය නිරූපණයෙන් ඇය ලෝකවාසී සැමගේ ජනාදරයට පත්විය.
එහිදී ඇයගේ පෙම්වතා ලෙස ලෙනාඩෝ ඩි කැප්රියෝ රංගනයෙන් දායක වු අතර ටයිටැනික් චිත‍්‍රපටයේ ත‍්‍රිමාණ නිර්මාණයද මෑතකදී තිරගත විය.




Tweet This
Share on Facebook
Digg This
Save to delicious
Stumble it
RSS Feed






my favourit acter KATHIE….I love you…..