මොංගෝලියාවේ ’ටයි’ නිව් යෝක් හිදී අල්ලයි
Srilankamirror – මොංගෝලියාවෙන් නීතිවිරෝධී ලෙස ඇමෙරිකාවට ගෙන ආවේ යැයි පැවසෙන ඩයිනසෝර් ඇටසැකිල්ලක් නිව් යෝක් හිදී ඇමෙරිකානු බලධාරීන්ගේ භාරයට පත් ව ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත් මෙම ෆොසිලය ලබාගත් ෆ්ලොරිඩාවේ පදිංචිකරුවෙකු වන එරික් ප්‍රොකොපි පවසන්නේ තමා විසින් මෙම ෆොසිලය නීත්‍යානුකූලව ලබාගත් බවයි.
කැබලි වශයෙන් පැවති ’ටයි’ ලෙස නම් කර ඇති මෙම ෆොසිලය සකස් කිරීමට විශාල මුදලක් වැය වුනු බවත්, එය පසුගියදා ඇමෙරිකානු ඩොලර් මිලියනයකට වෙන්දේසි වූ බවත් ප්‍රොකොපි පවසයි.
Tyrannosaurus Bataar යනුවෙන් නම් කරනු ලැබ ඇති පාද දෙකක් සහිත, මීටර් හතක් පමණ දිග, මෙම ඩයනසෝර වර්ගය මීට අවුරුදු කෝටි හතකට පමණ පෙර ගෝබි කාන්තාරය පුරා සැරිසරන්නට ඇතැයි සැලකෙනවා.
මෙම වෙන්දේසි කිරීමට එරෙහිව නෛතික පියවර ගනිමින් මොන්ගෝලියානු ආණ්ඩුව කියා සිටියේ,එය තම රටේ සම්පතක් කොල්ල කෑමක් වූ බවයි.
තම භූමියේ ඇති ෆොසිල, ජාතික සම්පත් ගණයට වැටෙන බව කියා සිටින මොන්ගෝලියාව විසින් ඒවා අපනයනය කිරීමද තහනම් කර ඇත.
මෙම ෆොසිලය හැකි ඉකිමනින් මොංගෝලියාව වෙත භාර දිය යුතු බව විශ්ලේෂක මතයයි.




Tweet This
Share on Facebook
Digg This
Save to delicious
Stumble it
RSS Feed





