වැඩියම සල්ලි හොයන්නේ මේවෙදර් ලූ
Srilankamirror – ලොව වැඩියෙන්ම ගෙවන කී‍්‍රඩා තරු අතරින් ඉදිරියටම පැමිණීමට පි‍්‍රටී බෝයි සහ මනී යන සුරතල් නාමයන්ගෙන් හැඳින්වෙන ලෝක ප‍්‍රකට බොක්සිං ක‍්‍රීඩක ෆ්ලොයිඞ් මේවෙදර් (Floyd Mayweather) සමත්වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
මේ වන විට ෆ්ලොයිඞ්, ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්ව චෝදනා යටතේ සිරගතව සිටියි.
ෆෝබ්ස් සඟරාව විසින් ඉදිරිපත් කර ඇති මෙම ලැයිස්තුව අනුව ෆ්ලොයිඞ් පසුගිය වසරේදී උපයා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 85කි.
සුපිරි ගොල්ෆ් කී‍්‍රඩක ටයිගර් වුඞ්ස් ඩොලර් මිලියන 59ග4ක් ලබා තෙවැනි ස්ථානයේද, ඩොලර් මිලියන 52ග7ක් සුපිරි ටෙනිස් කී‍්‍රඩක රොජර් ෆෙඩරර් පස්වැනි ස්ථානයේද
ඩොලර් මිලියන 46ක් සුපිරි පාපන්දු කී‍්‍රඩක ඬේවිඞ් බෙකම් අටවැනි ස්ථානයේද සිටියි.
මෙම ලැයිස්තුවට එක්ව ඇත්තේ කී‍්‍රඩිකාවන් දෙදෙනෙකු පමණි.
ඒ, රුසියාවේ සුපිරි ටෙනිස් කී‍්‍රඩිකා මාරියා ෂරාපෝවා හා ග‍්‍රෑන්ඞ් ස්ලෑම් කිරුළක් දිනාගත් පළමු ආසියානු කී‍්‍රඩිකාව වන චීනයේ ලී නා ය.
පසුගිය වසරේදී ඩොලර් මිලියන 27ග9ක් උපයා ඇති ෂරාපෝවා 26 වැනි ස්ථානයේදී ද ඩොලර් මිලියන 27ග9ක් උපයා ඇති ලී නා 81 වැනි ස්ථානයේ සිටියි.




Tweet This
Share on Facebook
Digg This
Save to delicious
Stumble it
RSS Feed





