උත්තේජක දෙන වෙද්දුන්ටත් හිරේට පාරකැපෙයි


Srilankamirror – තහනම් උත්තේජක පාවිච්චි කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වන මෙරට කී‍‍්‍රඩක ක‍්‍රීඩිකාවන් හා ඔවුන්ගේ පුහුණුකරුවන්හට දැඩි දඬුවම් පැමිණවීමට නීතිපතිවරයාගේ අනුමැතිය ලැබී ඇතැයි ක‍්‍රීඩා අමා්‍යංශයේ මාධ්‍ය ලේකම් හර්ෂ අබේකෝන් මහතා පවසයි.

ඒ අනුව තහනම් උත්තේජක භාවිතා කිරීමේ චෝදනාවලට වැරදිකරුවන් වන කී‍‍්‍රඩක ක‍්‍රීඩිකාවන් හා ඔවුන්ගේ පුහුණුකරුවන්හට ජීවිතාන්තය තෙක් තහනමක්ද පැනවීමට ක‍්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඊට අමතරව වැරදිකරුවන් වන කී‍‍්‍රඩක ක‍්‍රීඩිකාවන්හට තහනම් උත්තේජක හා ඒවා අඩංගුවන ඖෂධ නිකුත් කල වෛද්‍යවරුන්ටද වසර දෙකක තහනමක් පැනවීමට තීරණය කර ඇතැයි පැවසේ.

මෙම ක‍්‍රියාමාර්ගය ගැනීමෙන් වින්‍යානුකුල කී‍‍්‍රඩක ක‍්‍රීඩිකාවන් පිරිසක් බිහිවේ යැයි හර්ෂ අබේකෝන් මහතා පවසයි.

Comments are closed.