උතුරෙන් තවත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි
Srilankamiror – වෙල්ලමුල්ලි වයික්කාල් ප‍්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී අධි බලැති සී 4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 30 ක් සහ සී 4 වර්ගයේ පවුඩර් බවට සැකකරන තවත් කිලෝ 329 ක් සොයාගෙන තිබේ.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන වව්නියාව පොලිසිය සිදුකරන අතර එරාවූර් පුන්නකුඩා ප‍්‍රදේශයේ ප‍්‍රධාන මාර්ගයට ආසන්නව කැළෑ පෙදෙසක තිබී පුද්ගල නාශක බෝම්බ (බට්ටා) 05 ක් එරාවූර් පොලිස් භාරයට ගෙන ඇත.
එමෙන්ම මුලතිව් පොලිස් ස්ථානයේ නිළධාරීන් පිරිසක් කළ සෝදිසි මෙහෙයුමකදී 7.62×39 ජීව උණ්ඩ 980 ක් සහ මෙරට නිශ්පාදිත කිලෝ 10 ක් පමණ බර හඳුුනා නොගත් බෝම්බයක් පොලිස් භාරයට ගෙන ඇත.
සොයා ගන්නා ලද මෙම අවි ආයුද සම්බන්ධව වැඩිදුර විමර්ශන අදාල පොලිස් ස්ථාන විසින් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්්‍යාලය ප‍්‍රකාශ කළේය.




Tweet This
Share on Facebook
Digg This
Save to delicious
Stumble it
RSS Feed





