ජයසූරිය, ඇමැති පදවි එපා කියයි !
Srilankamirror – රජයේ කිසිම නියෝජ්‍ය ඇමැතිකමක් තමන් බලාපොරොත්තු නොවන බවත්, ඒ සඳහා කර තිබූ ලි ත ඉල්ලීම ඉල්ලා අස්‌කර ගන්නා බවත් හිටපු ක්‍රිකට් නායක මාතර දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත පෙරේදා (23 දා) දැනුම්දී ඇත.
නියෝජ්‍ය ඇමැතිකමක් හෝ කිසිදු නිලතලයක් බලාපොරොත්තු නොවන බව කියමින් ජයසූරිය මහතා විසින් පෙරේදා (23 දා) සවස ජනාධිපති මන්දිරය වෙත ගොස් ලිපියක් භාරදී තිබේ.
නියෝජ්‍ය ඇමැතිකමක් බලාපොරොත්තු නොවුවද තමන් රජයට දිගටම සහාය දක්‌වන බව පවසන ජයසූරිය මහතා, ඉදිරියේදීත් තමන්ට හැකි උපරිම අයුරින් රජයටත් මාතර දිස්‌ත්‍රික්‌කයටත් සේවය කරන බවද පවසයි.
ඉන්දියාවේ සිට දුරකථනයෙන් මාධ්‍ය වෙත මේ සම්බන්ධයෙන් එසේ අදහස් දක්වා ඇති සනත් ජයසූරිය මහතා, පසුගිය මහ මැතිවරණයේදී තමන් 80,000 කට වැඩි මනාප ප්‍රමාණයක් ලබා මාතර දිස්‌ත්‍රික්‌කයෙන් පළමු තැන ලබා වසර දෙකකට වැඩි කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිටින බවත් සුදුස්‌සන්ට සුදුසු තැන ලබාදීම රජයේ යුතුකමක් බවත් අවධාරණය කර ඇත.
ඒ පිළිබඳව ජනාධිපතිවරයා ගන්නා ඕනෑම තීරණයකට තමන් එකඟවන පැවසූ ජයසූරිය මහතා මින් ඉදිරියේදී කිසිම අවස්‌ථාවකදී ඇමැතිකම් හෝ නිලතල කිසිවක් පසුපස නොයන බවද කියා සිටියි.
තමන් මෙවැනි තීරණයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්‌ටිගම මහතාටද දැනුම් දුන් බව හෙතෙම සදහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ නිශාන්ත මුතුහෙට්‌ටිගම, සරත් වීරසේකර, ලක්‌ෂ්මන් වසන්ත පෙරේරා සහ සනත් ජයසූරිය යන මහත්වරුන් මීට ඉහතදී වැඩිම මනාපයෙන් තේරීපත්වූ තමන්ට නියෝජ්‍ය ඇමැතිකම් ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබිණි.




Tweet This
Share on Facebook
Digg This
Save to delicious
Stumble it
RSS Feed






Ane Sana…….dunnath ubata puluwanda amethikamak karanna. Korannaberi wedabaragena amaruwe watenne nathiwa…..ara Indian programeekata natanawage wedak baraganin.
Ara sporthinda ubatatiyena prasiddiyen…..chandatika ganna lokka ubawa chandeta dammath, lokka dannawa ubata wedabaha kiyala.