ඩෙංගු මර්දනයට අමාත්‍යාංශ හිගයක්
Srilankamirror - ඩෙංගු මර්දනයට සක‍්‍රියව දායක විය යුතු අමාත්‍යාංශ දොළහෙන් අමාත්‍යාංශ දෙකක් හැර සෙසු අමාත්‍යාංශ දහයම එම වගකීම පැහැර හැර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙක් විසින් ශ‍්‍ර‍්‍රී ලංකා මිරර් වෙත පැවසීය.
මෙම වගකීම නිසි ලෙස ඉටුකර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය හා ආරක්ෂක අමාත්‍යාංශය පමණක් බවද හෙතෙම කීය.
නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය” කෘෂිකර්ම අමාත්‍යාංශය” ආපදා කළමනාකරණ අමාත්‍යාංශය” පරිසර අමාත්‍යාංශය” අධ්‍යාපන අමාත්‍යාංශය” පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය” රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ දහයක් නිසි ලෙස ඩෙංගු මදුරු මර්දන රාජකාරිය සඳහා දායකත්වය දී නැත.
ඩෙංගු මර්දනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් පැවරෙන වගකීමක් නොවන බවද රෝග සත්කාරක සේවාව ශක්තිමත් කිරීම සහ රෝගීන්ගේ ජීවිත බේරාගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම බවද මදුරු මර්දනය කිරීම අමාත්‍යාංශ රැසකට පැවරෙන වගකීමක් බවද ඔහු කීය.
එම අමාත්‍යාංශ අතුරින් ආරක්ෂක අමාත්‍යාංශය පමණක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පොලිස් නිලධාරීන් සහ හමුදා නිලධාරීන්ගේ සහාය ඇතිව රටපුරා ඩෙංගු මර්දන කටයුතුවලට දායකත්වය දී ඇත.
මේ වන විට ඩෙංගු අධි වසංගත තත්වයකට රට පත්ව ඇතැයි කී හෙතෙම මදුරු කීටයන් බෝවන ස්ථාන විනාශ කර ඩෙංගු රෝගය සහමුලින් තුරන් කිරීමේ වැඩසටහනක අවශ්‍යතාව පැන නැගී ඇතැයි පැවසීය.
ඉහත අමාත්‍යාංශ භාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම කාර්්‍ය පිළිබඳ දැඩි සැලකිල්ලක් දැක්විය යුතුයැයි ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.




Tweet This
Share on Facebook
Digg This
Save to delicious
Stumble it
RSS Feed





