යුද හමුදාවේ ප්‍රතිසංවිධානයක්


Srilankamirror – ආරක්‍ෂක සහ සංවර්ධන යන ප්‍රධාන අංශ දෙක යටතේ යුද හමුදාව මුළුමනින්ම ප්‍රතිසංවිධානය කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා පවසයි.

යුද හමුදා නිලධාරීන්ගේ හා සෙබළුන්ගේ වෘත්තීය ගරුත්වය හා අභිමානය අවතක්‌සේරුවට ලක්‌ නොවන අයුරින් එම නව ප්‍රතිසංවිධාන කටයුතු ක්‍රියාත්මක කරන බව ද යුධ හමුදාපතිවරයා අවධාරණය කර සිටියි.

ඒ අනුව, යුදමය වාතාවරණයක්‌ නැති වුවද රටේ ජාතික ආරක්‍ෂාවට ප්‍රමුඛත්වය දීම යුද හමුදාවේ මූලික වගකීම හා කාර්යභාරය බැවින් සටන් රෙජිමේන්තුවලට අයත් නිලධාරීන් හා සෙබළුන් තවදුරටත් ආරක්‍ෂක රාජකාරිවල යොදවනු ලබන බව පවසන යුද හමුදාපතිවරයා , යුද හමුදාවේ විවිධ සේවා සහ වෘත්තීන්ට අදාළ ඒකකවලට අයත් සියලු නිලධාරින් හා සෙබළුන් රටේ සංවර්ධන හා කෘෂිකාර්මික කටයුතු සඳහා යොදවන බව ද සදහන් කරයි.

 

Comments are closed.