ශ්‍රේෂ්ඨාධිකරණය ඉසෙඩ් අගය අහෝසි කරයි
Srilankamirror – පසුගිය උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගයේ ක‍්‍රමවේදය අහෝසි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (25) නියෝග කළේය.
ලංකා ගුරු සංගමය හා උසස් පෙළ සිසුන් 16 දෙනෙකු විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමකට තීන්දුව ලබාදෙමින් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ප‍්‍රමුඛ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය කළාය.
ඒ අනුව පසුගිය උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගයේ ක‍්‍රමවේදයෙන් නිර්දේශ කරන ලද ගණනය කිරීම් අහෝසිකොට පැරණි හා නව නිර්දේශ යටතේ විභාගයට පෙනී සිටි සිසුන්ට වෙන වෙනම ඉසෙඩ් අගයන්හී ලකුණු සකස් කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර ඇත.
පැරණි හා නව විෂය නිර්දේශය යටතේ පසුගිය 2011 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් හට බලවත් අසාධාරණයක් සිදුව ඇති බව අධිකරණයේද පිළිගැනීම විය.




Tweet This
Share on Facebook
Digg This
Save to delicious
Stumble it
RSS Feed





