සේනක විජේසිංහට එරෙහි නඩුව ජනවාරි 25ට කල්යයි


Srilankamirror – ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කිරීමේ පොරොන්දුව මත රුපියල් දහතුන් ලක්ෂ හතළිස් දහසක මුදලක් ලබාගෙන විශ්වාසය කඩ කරමින් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චිත‍්‍රපටි හා ටෙලි නාට්‍ය නළු සේනක විජේසිංහ මහතාට එරෙහි නඩුව ලබන ජනවාරි 25 වැනිදා යළි විභාගයට ගැනීමට නුගේගොඩ මහෙස්ත‍්‍රාත්වරයා අද (25) නියෝග කළේය.

අද නඩුව කැඳවූ අවස්ථාවේ දී සේනක විජේසිංහ මහතාට එරෙහි චෝදනා පත‍්‍රය කියවාදුන් අතර, සැකකාර සේනක විජේසිංහ මහතා ඊට නිවරදි කරු බව අධිකරණයට දන්වා සිටීයේය.

සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සේනක මහතා මේවන විට රුපියල් 15,000 ලක්‍ෂයක ඇපමත මුදාහැර සිටී.

අදාල ටෙලි නාට්‍යයේ නිෂ්පාදකවරයා වන ලසිත යසකුල ගුණසේන මහතා මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශයට කර තිබූ පැමිණිල්ලකට අනුව මෙම නඩුව පවරා තිබේ.

ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කිරීම සඳහා සැකකරුට පැමිණිලිකරු විසින් රුපියල් දහතුන් ලක්ෂ හතළිස් දහසක් ලබාදී ඇතැයි ද ඉන්පසුව මුහුරත් උළෙලක්ද පවත්වා ඇති අතර, එම නාට්‍යයේ දර්ශන කොටස් 7ක් රූපගත කර ඇතැයි ද අධිකරණ ”බී” වාර්තාවෙන් සටහන්ව තිබේ.

මෙම ටෙලි නාට්‍යය රූපවාහිනියේ විකාශය කිරීමේ කාලයක් ලබාගෙන ඇතිබව පවසමින් පැමිණිලිකරුව සැකකරු මුලා කළ බවද අදාල පැමිණිල්ලේ සඳහන්ව ඇත.

වසර 2010 වසරේ දහවැනි මාසයත් එකොළොස්වැනි මාසයත් අතර තුළදී සැකකරු ලබාදුන් ගිණුමකට පැමිණිලිකරු විසින් මුදල් බැර කර ඇතැයි පැවසේ.

Comments are closed.