හොර යූරෝ නොට්ටුවක් සමග 2ක් දැලේ
Srilankamirror – නාරම්මල රන් ලංකා ජුවලර්ස් වෙලඳ සැලෙන් ව්‍යාජ යූරෝ 100 මුදල් නොට්ටුවක් ලබා දී රන් භාණ්ඩ ලබා ගැනීමට තැත් කල පුද්ගලයින් දෙදෙනෙකු නාරම්මල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
සැකරුවන් බත්තරමුල්ලල මොහොට්ටිවත්ත සහ බලපිටිය ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයින් බව පොලිසිය ප‍්‍රකාශ කළේය.
ඔවුන් සංතකයේ ව්‍යාජ යුරෝ මුදල් නොට්ටු 21 සහ කැබ් රථයක් පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් නෝට්ටු අංශයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.




Tweet This
Share on Facebook
Digg This
Save to delicious
Stumble it
RSS Feed





