2011 උ/පෙළ ඉසෙඩ් අගය දෝෂ සහිතයි
(Srilankamirror) – 2011 උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගය දෝෂ සහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) තීන්දු කළේය.
ඒ අනුව ඉසෙඩ් අගය අත්හිටුවා නැවත ගනණය කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නියෝග කළේය.
අධිකරණ නියෝගයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ඉසෙඩ් අගය ගනණය කිරීමේදී පැරණි හා නව විෂය නිර්දේශ වශයෙන් වෙන වෙනම ගනණය කරන ලෙසය.
පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අගවිනිසුරු ශිරාණී බණ්ඩාරනායක මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම ඒකමතික තීන්දුවට එළැඹිණි.
එමගින් පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ද තීන්දුවෙන් ප්‍රකාශයට පත් කෙරිණි.
මෙම පෙත්සම ගොනුකර තිබුණේ ලංකා ගුරු සංගමය හා උසස් පෙළට පෙනීසිටි සිසුන් 16 දෙනෙකි.
පිලිගත් සංඛ්‍යාන ක්‍රමවේද භාවිත කරමින් නැවත ගනණය කර කඩිනමින් ඉසෙඩ් අගය හැකි ඉක්මණින් ප්‍රකාශයට පත් කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියෝග කළේය.
මේ අතර විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම් ම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමග සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවය.




Tweet This
Share on Facebook
Digg This
Save to delicious
Stumble it
RSS Feed





