”2015 වෙනකන් ඉන්නවද කියලා තමා තීරණයක් නෑ”
Srilankamirror – වසර 2015 ලෝක කුසලාන ක්‍්‍රිකට් තරගාවලිය තෙක් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ රැඳී සිටින්නේ ද යන්න පිළිබඳව ඉදිරියේදී එන වතාවරණය අනුව තීරණය කරන බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නායක මහේල ජයවර්ධන පවසයි.
ඔහු මේ බව මාධ්‍ය වෙත පවසා ඇත්තේ ආර්. පේ‍්‍රමදාස ක්‍්‍රීඩා පිටියේ පැවති පුහුණුවීම් සැසිවාරයකින් අනතුරුවයි.
ශ‍්‍රී ලංකා පිලට අත්දැකීම් සම්පන්න නව නායකයෙකු බිහිකිරීමට ප‍්‍රමාණවත් කාලය ලබාදීමට වත්මන් නායක මහේල ජයවර්ධන හට 2015 වසරේ ලෝක කුසලාන තරගමාලාව දක්වා නායකත්ව පදවිය දැරීමට සිදුවනු ඇති බව ශ‍්‍රී ලංකාවේ හිටපු කි‍්‍රකට් නායක තිලකරත්න ඩිල්ෂාන් පසුගියදා මාධ්‍ය වෙත පවසා තිබුණි.
මහේල ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 30කට නායකත්වය දී ඇති අතර ඉන් තරග 16ක් ජය ලබා තරග 08ක් පරාජයට පත්ව ඇත.
ඔහුගේ නායකත්ය යටතේ ශ‍්‍රී ලංකාව එක්දින තරග 112ක් කී‍්‍රඩා කර ජයග‍්‍රහණ 61ක් හා පරාජ 44ක් ලබා ඇත.
වැඩිදුරටත් අදහස් දක්වමින් මහේල මෙසේද පැවසීය.
’මම 2015 ලෝක කුසලානය තෙක් නායකත්වය දරනවද කියල දැන්ම කියන්න බැහැ. ඊට ඉස්සල්ල ඉදිරි මාස හතර පහ ගැන විතරයි මම හිතන්නේ.දැන් තත්ත්වය හොඳ වුණත් ඉදිරියේදී මොන තත්ත්වයක් උදාවෙයිද කියල කාටවත් කියන්න බැහැ. කොහොම වුණත් කණ්ඩායම සහ රටේ අවශ්‍යතාව වෙනුවෙන් මට කළ හැකි කාර්්‍යයක් තිබුණොත් ඒ සඳහා සහයෝගය දීමට මම ඕනෑම වෙලාවක සූදානම්’
‘සියලූම ක්‍්‍රීඩකයන් ඉතාමත් හොඳින් සිය යුතුකම් ඉටු කරමින් සිටිනවා. විශේෂයෙන් පිතිකරුවන් මෙන්ම වේග පන්දු යවන්නන් වන කුලසේකර, මාලිංග, තිසර සහ මැතිව්ස් පන්දු යැවීමේදී මේ තරගාවලියේ පාකිස්තානයට හොඳ පීඩනයක් ලබා දුන්නා. මීට පෙර තරගවලදීත් හොඳින් ක්‍්‍රීඩා කළත් එක් තරගයක් ජයගන්න නොලැබුණා.” යනුවෙන්ද ඔහු වැඩිදුරටත් අදහස් දැක්වීය.










