15976 BM WEB BANNER 01
Dec 15, 2016

මිනියන් කැළ එක්ක ගෲ යළිත් කරළියට (වීඩියෝ)

ලොවපුරා ජනප්‍රිය වූ ගෲ සහ මිනියන්ස් රංචුවේ කතාපුවත් විදහා දක්වන ’ඩිස්පිකබල් මී’ යනු පසුගිය කාලයේදී නිපදවනු ලැබූ අතිසාර්ථකම සජීවීකරණ චිත්‍රපට අතුරින් ප්‍රමුඛස්ථානය ගන්නා සිනමා නිර්මාණයකි.

බාල මහලු කා අතරත් ජනප්‍රිය වූ මෙම චිත්‍රපට මාලාවේ තෙවැනි චිත්‍රපටයේ පළමූ නිල පූර්ව ප්‍රචාරක පටය ඊයේ (14) දින අන්තර්ජාලයට මුදාහැර තිබුණි.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ගෘ හා ඔහුගේ බිරිඳ වන ලූසි බල්තසාර් බ්‍රැට් නැමැති අපරාධකරුවෙකු හා සටන් කරන අයුරු මෙම නව පූර්ව ප්‍රචාරක පටයේ දැක්වේ.

මෙම චිත්‍රපටය ලබන වසරේ ජුනි 30දා දින එළිදැක්වීමට නියමිතය.

’ඩිස්පිකබල් මී 3' හි පූර්ව ප්‍රචාරක පටය පහතින් :

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top