nsb

Jan 13, 2017

ඊඩ්න් උයනේ ලා දම් හැන්දෑවට යළිත් එන්න

‘ඊඩ්න් උයනේ ලා දම් හැන්දෑව’ ලෙස ශ්‍රී ලාංකේය සංගීත ලෝලීන් අතරට එක්වූ LOVE U ප්‍රසංගයේ දෙවැනි දිගහැරුම වඩාත් ආදරණීයව රසවත්ව ලබන මාසයේදී පැවැත්වේ.

ආදරවන්තයින් ගේ දිනයට දින තුනකට පෙර එනම් පෙබරවාරි 11 දා ප.ව. 7.00ට නෙළුම් පොකුණ පරිශ්‍රයේදී පැවැත්වෙන මෙම ප්‍රසංගයට රූකාන්ත ගුණතිලක - චන්ද්‍රලේඛා පෙරේරා, භාතිය ජයකොඩි, උමාරා සිංහවංශ, අතුල අධිකාරි, සමිතා මුදුන්කොටුව, කසුන් කල්හාර, උරේෂා රවිහාරි, සන්තුෂ් වීරමන් හා නිරෝෂා විරාජිනී එක්වීමට නියමිතය.

යුග යුග රැව්දුන් යුග ගී රාවය යළි යළි රැව්දෙන,ආදරය වේලාසනින් පැමිණ හදවතට තට්ටු කරන ආදරණීය නිමේෂයට එක්ව ස්වර රස විඳගන්න ඔබත් එන්න!!!

ප්‍රවේශපත්‍ර ළඟදීම නිකුත්වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top