nsb

Jan 16, 2017

කෙල්ලො දැක නැති කොල්ලන්ට අස්ලාම් ගෙන් පාඩමක්

සිය ප්‍රසංගයක් අතරතුරේදී හිංසාවට පත්වෙමින් සිටි කාන්තාවක් බේරාගැනීමට පකිස්තානු ගායක අතීෆ් අස්ලාම් ඉදිරිපත් වී තිබේ.
 
ඔහු මෙලෙස මෙම කාන්තාවගේ සහයට පැමිණියේ සිය ප්‍රසංගයද මදකට නවතා දමමිනි.
 
මෙම සිද්ධිය වාර්තා වන්නේ පසුගිය සෙනසුරාදා කරච්චි නුවර පැවති අස්ලාම් ගේ  ප්‍රසංගයකදීය.
 
ගායනය අතරතුරේදී, ඉදිරියේ සිටි කාන්තාවකට පිරිමින් කිහිපදෙනෙකු හිරිහැර කරනු දුටු අස්ලාම්, සංගීතය මදකට නවතන ලෙස සංගීත ශිල්පීන්ට පවසා හිරිහැර කිරීම වහාම නවත්වන මෙන් මොවුන්ට වැරෙන් පවසා ඇත.
 
“ඔබේ මව හෝ සහෝදරිය මෙතැන සිටින්න පුළුවන්… මනුෂ්‍යයෙක් ලෙස හැසිරෙන්න,” යැයි ඔහු පවසා ඇත.
 
ඉන්පසුව හිරිහැරයට පත් කාන්තාව වේදිකාව මතට ගත් අස්ලාම්, ඇයට වෙනත් ස්ථානයක් ලබාදෙන මෙන් සංවිධායකයන් ගෙන් ඉල්ලා තිබේ.
 
 මෙම අවස්ථාවේ වීඩියෝවකි මේ :

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top