nsb

Jan 17, 2017

දීපිකා, වින් ඩීසල් ට ලුංගි අන්දලා! (වීඩියෝ)

බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් ගේ හොලිවුඩ් සිනමා සම්ප්‍රාප්තිය සනිටුවහන් කරන xXx : රිටර්න් ඔෆ් සැන්ඩර් කේජ්’ චිත්‍රපටය පසුගියදා ඉන්දියාවේ දී එළිදැක්වුණි.

පසුගිය 14දා මුම්බායි නුවර පැවති මෙම උළෙලට බොලිවුඩ් නළුනිළියන් රැසක් ද සහභාගී  විය.

මෙහි සුවිශේෂී අවස්ථාවක් වූයේ දීපිකා විසින් රිටර්න් ඔෆ් සැන්ඩර් කේජ් චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වූ වින් ඩීසල් ට ලුංගියක් ඇන්දවීමයි.

දීපිකා විසින් මීට කළින් රඟපෑ චෙන්නායි එක්ස්ප්‍රස් චිත්‍රපටයේ ‘ලුංගි ඩාන්ස්’ ගීතයට ද කුඩා නර්තනයක් ද ඇය ඉදිරිපත් කළාය.

දීපිකා, වින් ඩීසල් ට ලුංගිය ඇන්දවූ අයුරු පහත දැක්වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top