nsb

Jan 25, 2017

‘ලා ලා ලෑන්ඩ්’ ඔස්කා උළෙලත් රජ කරන ලකුණු

හොලිවුඩ් සංගීතමය චිත්‍රපටයක් වන ‘ලා ලා ලෑන්ඩ්’ චිත්‍රපටය ඔස්කා සම්මාන 14ක් සඳහා නිර්දේශ වීමත් සමග යළිත් කරළියට පැමිණ තිබේ.

හොඳම නළුවා, හොඳම නළුවා, හොඳම චිත්‍රපටය ඇතුළු ප්‍රධාන සම්මාන ද ඊට ඇතුළත් වේ.

මේ අනුව, ඔස්කා සම්මාන ඉතිහාසයේ වැඩිම සම්මාන ප්‍රමාණයකට නිර්දේශ වූ සංගීතමය චිත්‍රපටය බවට ද ‘ලා ලා ලෑන්ඩ්’ පත්ව තිබේ. මීට කලින් නිර්දේශයන් 13 බැගින් ලබාගත් ‘මේරි පොපින්ස්’ හා ‘චිකාගෝ’ චිත්‍රපට මෙම ස්ථානයේ පසුවිය.

මීට අමතරව, මෙය වැඩිම ඔස්කා සම්මාන දිනාගත් චිත්‍රපටය ලෙස ඉතිහාසගතවනු ඇතැයි පැවසේ. මේ වන විට වැඩිම ඔස්කා සම්මාන ප්‍රමාණයක් දිනාගැනීමට සමත්වී ඇති චිත්‍රපට වන්නේ ටයිටැනික්, තෙවැනි ලෝඩ් ඔෆ් ද රින්ග්ස් චිත්‍රපටය හා බෙන් හර් ය. එම චිත්‍රපට වලට ඔස්කාර් සම්මාන 11 බැගින් හිමිවිය.

මීට සති කිහිපයකට පෙර, ඉතිහාසයේ වැඩිම ගෝල්ඩන් ග්ලෝබ්ස් සම්මාන ප්‍රමාණයක් දිනාගැනීමට ද ‘ලා ලා ලෑන්ඩ්’ චිත්‍රපටය සමත් විය.

සබැඳි පුවත් :
ලා ලා ලෑන්ඩ්, ගෝල්ඩන් ග්ලෝබ්ස් රජ කරයි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top