nsb

Jan 26, 2017

ගොබ්ලින් දසුන් වැල්ලෙන් මවන මිං (වීඩියෝ)

මෑතකදී කොරියාවේ විකාශය වූ රූපවාහිනි කතාමාලා අතරින් ජනප්‍රියත්වය අතින් ඉදිරියටම පැමිණි ‘ගොබ්ලින්’ පසුගිය සතියේදී අවසන් විය.

ගොන්ග් යූ, ලී ඩොන්-වූක් හා කිම් ගෝ-යුන් රඟපෑ මෙම කතාමාලාවේ අවසන් කොටස වාර්තාගත ප්‍රේක්ෂකයන් පිරිසක් නරඹා තිබුණි.

මේ වන විට එහි සංවේදී ජවනිකා කිහිපයක් වැලි වලින් නිරූපණය කරන අපූරු වීඩියෝවක් අන්තර්ජාලයට එක්ව තිබේ. මෙම සෑන්ඩ් ආර්ට් වීඩියෝව නිර්මාණය කර ඇත්තේ මිං සේ (Ming Zhe) නම් කලාකාරිණියක් විසිනි.

‘ගොබ්ලින්’ නාට්‍යය වෙනුවෙන් කොරියානු ගායක ක්‍රෂ් විසින් ගායනා කර තිබෙන බියුටිෆුල් නම් ගීතය හා මුසු වූ මිං ගේ අපූරු දක්ෂතාවය පහතින් :


මිං අතින් මැවෙන දසුන් බියුටිෆුල් ගීතය සමග ඇති ජවනිකා වල දිස්වන්නේ මෙලෙසයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top