Feb 02, 2017

රිතික් දෑස් දන්දෙයි

බොලිවුඩ් පුරයේ දක්ෂතම හා ජනප්‍රියතම නළුවෙකු වන රිතික් රෝෂන් සිය දෑස් දන් දී ඇතැයි වාර්තා වේ.

රිතික් විසින් පසුගිය 10 වැනිදා සිය උපන්දිනය සමරා ඇත්තේ මරණින් පසුව දෑස් පරිත්‍යාග කිරීමට පොරොන්දු වෙමිනි.

අක්ෂි පරිත්‍යාග කිරීමේ මහඟු සේවයට එක්වී එය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීමට රිතික් කැමති දැයි ඉන්දියාවේ ආදිත්‍ය ජ්යෝත් අක්ෂි රෝහලේ සභාපති වන වෛද්‍ය එස්. නටරාජන් රිතික් ගේ පියා වන රාකේෂ් රෝෂන්ගෙන් ඉල්ලා ඇත. එහිදී රාකේෂ් පවසා ඇත්තේ සිය පුතු ද ඒ සඳහා කැමති බවයි.

වෛද්‍ය නටරාජන් යනු රාකේෂ් ගේ පියාගේ වෛද්‍යවරයා බැවින් ඔහු හා රෝෂන් පවුල අතර ඇත්තේ සමීප සබඳතාවකි.

මේ වන විට ඓයිශ්වර්යා රායි, රජිනිකාන්ත්, අමිතාබ් බච්චන්, ජයා බච්චන්, සුනිල් ෂෙට්ටි, මාධවන්, රාණි මුකර්ජි, සෝනක්ෂි සිංහා හා හේමා මාලිනි යන ඉන්දීය නළු නිළියන් ද සිය දෑස් පරිත්‍යාග කිරීමට පොරොන්දු වී තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top