nsb

Feb 17, 2017

හැරී පොටර් නිළියට නිරුවත නෝමල් ලු !

හැරී පොටර් චිත්‍රපට මාලාවෙන් සිනමා ලොවට පාතැබූ ළමා නළුනිළියන් මේ වන විට යෞවන යෞවනියන් බවට පත්වී අවසන්ය.

ඩ්‍රේකෝ මැල්ෆෝයි ගේ විශේෂ මිතුරිය වූ පැන්සි පාකින්සන් ට පණපෙවූ ස්කාලට් බර්න් ද මේ වන විට නිරූපිකාවකි.

ඇය පසුගියදා ඉන්ස්ටර්ග්‍රෑම් වලට ඡායාරූපයක් එක්කර තිබුණි. එම කළු - සුදු අඩනිරුවත් ඡායාරූපය එක්කරමින් ඇය සටහනක් එක්කර ඇත්තේ ප්ලේබෝයි සඟරාවේ 2017 මාර්තු / අප්‍රේල් කලාපයට එක්වීමට හැකි වීම පිළිබඳව තමා බෙහෙවින් ආඩම්බර වන බවයි.

සඟරාවේ ප්‍රධාන නිර්මාණ නිළධාරියා වශයෙන් කටයුතු කරන කූපර් හෙෆ්නර් ට ද ස්තූති කරමින් ඇය #NakedIsNormal හෑෂ්ටැග් එකද එකතු කර ඇත.

කාන්තාවන්ගේ සම්පූර්ණ නිරුවත් ඡායාරූප යළිත් ප්ලේබෝයි සඟරාවට එක්කිරීමට තීරණය කර ඇති බව කූපර් හෙෆ්නර් පසුගියදා පවසා තිබුණු අතර, #NakedIsNormal හෑෂ්ටැග් එක එකතු කරමින් මෙහි 2017 මාර්තු / අප්‍රේල් කලාපයේ මුල්පිටුව ට්විටර් ඔස්සේ එළිදැක්වීමට ප්ලේබෝයි සඟරාව කටයුතු කර තිබුණි.

සබැඳි පුවත් :
ප්ලේබෝයි සඟරාවට නිරුවත යළිත් එයි

Scarlett 600px 17 02 17Scarlett1 600px 17 02 17Scarlett2 600px 17 02 17

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top