Feb 21, 2017

එන්නත් කලින් හාෆ් ගර්ල්ෆ්‍රෙන්ඩ් වාර්තා තියලා!

බොලිවුඩ් පුරයේ ජනප්‍රිය නළු නිළියන් දෙදෙනෙකු වන අර්ජුන් කපූර් හා ශ්‍රද්ධා කපූර් මෝහිත් සූරි ගේ මීළඟ චිත්‍රපටයට එක්වීමට නියමිතය.

එම චිත්‍රපටයේ නම හාෆ් ගර්ල්ෆ්‍රෙන්ඩ් ය.

මෙම චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ එහි එළිදැක්වීමටත් පෙර වාර්තාවක් තැබීමට මංපෙත් එළිකරගැනීමයි.

හාෆ් ගර්ල්ෆ්‍රෙන්ඩ් විසින් මෙලෙස වාර්තාවක් තැබීමට සැරසෙන්නේ මෙතෙක් කලකට බොලිවුඩ් චිත්‍රපටයක ඇතුළත් වූ දීර්ඝතම ගීතය චිත්‍රපටයට ඇතුළත් කිරීමෙනි.

dnaindia.com වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට මෙම චිත්‍රපටයට විනාඩි 18ක් දිග ගීතයක් ඇතුළත් වනු ඇති බවත් මෙහි රූපරාමුවල අර්ජුන් හා ශ්‍රද්ධා රඟපානු ඇතිබවත්ය එය චිත්‍රපටයේ උච්ඡතම අවස්ථාවේදී යනු වන බවත් ය.

මනෝජ් මුන්ටෂීර් විසින් රචිත පදවැල් සහිත මෙම ගීතය ආදර ගීතයක් බවද එහි දැක්වේ.

බොලිවුඩ් චිත්‍රපටයක ඇතුළත් වූ දීර්ඝතම ගීතය ලෙස මීට කලින් වාර්තාව තැබුවේ සල්මාන් ඛාන් හා සෝනම් කපූර් රඟපෑ “ප්‍රේම් රතන් ධන් පායෝ” චිත්‍රපටයි. මෙම ගීය විනාඩි 13ක් දීර්ඝ වුවත්, චිත්‍රපටයට එක් කරන විට එහි විශාල කොටසක් කපාහැර තිබුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top