Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Mar 18, 2017

මුතූ හොරෙන් විවාහවූ රහස !

මුතූ තරංගා රහසේම යුග දිවියට පිවිසිලා කියන ආරංචියත් එක්ක ඇයගේ මංගල පින්තූර කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ පැතිරෙනවා. අපි මුතූට කතා කළේ මේ ගැන ඇත්ත නැත්ත දැන ගන්නයි.
 
මුතූ හොරෙන්ම විවාහ වුණා නේද?
අ‍පොයි මගෙන් ඔහොම අහලා දැන් සිය ගාණක් ටෙලිෆෝන් කෝල් ආවා. වැඩි දෙනෙක් කළේ කතා කරලා මට බැණපු එක. ඇයි හොරාටම බැන්දේ… අපට නොකිව්වේ ඇයි කියලා තමයි හැමෝම චෝදනා කළේ.
 
අපිත් අහන්නෙ අපට නොකිව්වේ ඇයි කියලා තමයි?
නොකිව්වේ ඒක මගේ විවාහ උත්සවය නමෛයි නිසා. ඒක නිකම් පින්තූර කිහිපයක් ගන්න කරපු හැඩගැන්වීමක් විතරයි. නිරෝෂාන් වනසිංහ තමයි හුඟක් දවස්වලට ගමනක් බිමනක් යනකොට මාව හැඩ කරන්නේ. ඉතින් නිරෝෂාන් අපට යෝජනා කළා මනාලියක් වගේ ඇඳලා පින්තූර ෂූට් එකක් කරමු කියලා. ඒ ඉල්ලීමට තමයි අපි කැමැති වුණේ.
 
බොරුවට හැඩ ගැන්වුණාට මනමාල මහත්තයා නම් ඇත්ත කෙනාම තමයි?
ඔව්, අවුරුදු 13ක් තිස්සේ මම ආදරේ කරන්නේ එයාට තමයි. එයාගේ නම නිශාන්ත ජයවර්ධන. මොඩ්ලින් කරන කෙනෙක්. 2003 අවුරුද්දේ මිස්ටර් ශ්‍රී ලංකා කිරුළ දිනුවෙත් එයා තමයි. බොඩි බිල්ඩින් කළා. දැන් මේ වෙනකොට කලාව වගේම ව්‍යාපාර පැත්තටත් යොමු වෙලා ඉන්නේ.
 
අවුරුදු 13ක් ආදරේ කරපු එකේ ඇයි විවාහය කල් දාන්නෙ?
නිශාන්ත ටික කාලයක් ලංකාවේ හිටියේ නැහැ. එයා ලංකාවට ආවත් මමත් වැඩ බහුල වෙලා හිටියේ. ඒ අතරේ එයාගේ අම්මා, තාත්තා දෙන්නම නැති වුණා. ඉතින් විවාහ උත්සවයක් ගන්න කලින් එයාගේ හිත හදන්න එපැයි. හැමදේටම කාලය ඕන නිසා දවසින් දවස විවාහය කියන එක කල් ගියා.
 
මුතූව මනමාලියක් වගේ දැක්කම නිශාන්ත මොකද කිව්වේ?
මීට කලින් හුඟක් වතාවල මම මනමාලියක් වගේ ඇඳලා ඉන්නවා එයා දැකලා තියෙනවා. විශේෂයක් නැහැ. හැමදාම වගේ එදත් ලස්සනයි කියලා කිව්වා.
 
නිශාන්ත ඩධබධ ඉඩධධබ එකකට පෙනී සිටියේ කාලෙකට පස්සේ?
ඔව්. අපි එකට ගමන් බිමන් ගියත් එකට වැඩ කළත් එයා මෙහෙම ප්‍රසිද්ධියේ පෙනී සිටියේ කාලෙකට පස්සේ. ඒක තමයි හැමෝම අපි ගැන උනන්දු.
 
නිශාන්ත මුතූට රංගනයට සීමා පනවනවාද?
නැහැ, මම වැඩ කරන්නේ මමම දාගත්තු සීමා ඇතුළේ. මම කවදාවත් මට හානියක් වෙන චරිතයක් භාර ගන්නේ නැහැ. මොකද මේ ගමන මම ආවේ හරි අමරුවෙන්. ඒ නිසා ඒ ගමන් මගේ නම කැත කර ගන්න මට ඕන නෑ.
 
කටකතා නිසා නම සවුත්තු වෙනවද?
කටකතා නිසා ජනප්‍රියතාව වැඩි වෙනවා කියලයි මම හිතන්නේ. ඒ නිසා එක අතකට කටකතා නරකම නැහැ.
 
මුතූ මේ මනාලියක්වුණේ කීවෙනි වතාවටද?
ඒක නම් මමවත් දන්නෙ නැහැ. නිරූපිකාවක් විදිහට සිය වතාවක් විතර මනාලියකට ඇඳලා තියෙනවා.
 
හැබෑ විවාහය දවසටත් උඩරට මනාලියක් වගේ අඳින්නද ඉන්නෙ?
ඒක තවම හිතලා නැහැ. මම වැඩිපුරම ඇන්දේ උඩරට ක්‍රමයට තමයි. ඒ නිසා උඩරට මනාලියක් වගේ අඳින එකේ මට දැන් විශේෂයක් නැහැ. බලමුකෝ මගේ විවාහ උත්සවය දවසට විශේෂම වෙනසක් කරන්නම්කෝ.
 
විවාහයට ගෙදරින් ආශීර්වාදය ලැබිලද තියෙන්නෙ?
ගෙවල්වල අයට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපේ ආදරේට එයාලා ආශීර්වාද කරනවා. කොහොමත් දෙමාපියන් ආසයි දරුවකුගේ විවාහය දෑසින් දකින්න. ඒත් එයාලත් මම වගේම සරල මිනිස්සු. ඒ නිසා ලොකු ලොකු බලා‍පොරොත්තු නැතිව මම වගේ සැහැල්ලුවෙන් ඉන්නවා.
 
ඉදිරියට මොකද වෙන්නෙ?
මේ අවුරුද්ද ඇතුළත වෙඩින් එක ගන්න බලා‍පොරොත්තුවක් තියෙනවා. හොරාට බඳින්නේ නැහැ. අනිවාර්යයෙන් යාළුවෝ හැමෝටම කියනවා.
 
සඳමාලි වර්ණසූරිය
ඡායාරූප : ප්‍රසන්න ඉරෝෂාන්
උපුටා ගැනීම - රිවිර

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top