Apr 01, 2017

දුර්ලභ රුසියානු මුද්දර එකතුවක් කොළඹ දී

රුසියාවේ හා සෝවියට් සමයට අයත් ඉතා දුර්ලභ මුද්දර එකතුවක් ප්‍රදර්ශණය කිරීමට කටයුතු යොදා ඇතැයි කොළඹ පිහිටි රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය පවසයි.
අනුර සමරවීර මහතාට අයත් මෙම එකතුවට මුද්දර සියගණනක් ඇතුළත් වන බවත් මෙම ප්‍රදර්ශණය අප්‍රේල් 04 -05 දක්වා පෙ.ව. 9.00 සිට ප.ව. 6.30 දක්වා පැවැත්වෙන බවත් එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
 
ශ්‍රී ලංකාව හා රුසියාව අතර තානාපති සබඳතා ඇතිකර 60 වසරක් ගතවීම නිමිත්තෙන් පැවැත්වෙනු ලබන මෙම ප්‍රදර්ශණය අප්‍රේල් 03 දා ප.ව. 5.30ට කොළඹ පිහිටි රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී විවෘත වීමට නියමිතය.
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top