15976 BM WEB BANNER 01
Apr 03, 2017

සචින් - සෝනු ගී හවුල හිට් වෙයි! (වීඩියෝ)

ඉන්දීය ක්‍රිකට් ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන සචින් ටෙන්ඩුල්කාර් සිය ක්‍රීඩා දක්ෂතා වලට අමතරව වෙනත් ආරයක දස්කම් දක්වා තිබේ.

සචින් මෙලෙස දස්කම් දක්වා ඇත්තේ සංගීත අංශයෙනි.

ඉන්දියාවේ දක්ෂතම ගායකයෙකු ලෙස සැලකෙන සෝනු නිගම් සමග ඔහු ගැයූ ‘ක්‍රිකට් වාලී බීට්’ (Cricket Wali Beat) ගීය මේ වන විට අන්තර්ජාලය ඔස්සේ අතිජනප්‍රියත්වයට පත්ව තිබේ.

මෙම ගීතය එළිදක්වා තිබුණේ පසුගිය සෙනසුරාදා දින පැවති ඉන්දීය රියැලිටි රූපවාහිනී වැඩසටහනකදීය.

පසුගිය සතියේදී අන්තර්ජාලයේ පැතිරගිය ඡායාරූපයක් හේතුවෙන් සෝනු නිගම් හා සචින් ටෙන්ඩුල්කාර් අළුත් වැඩකට අතගැසීමට නියමිත බවට රාවයක් පැතිර ගොස් තිබුණි. මයික්‍රොෆෝනයක් ඇතැති සචින් හා ක්‍රිකට් පිත්තක් අතැති සෝනු පසුපසට හැරී සිටින ඡායාරූපයක් මීට හේතු විය.

ගීතය පිළිබඳව අදහස් දක්වමින් සෝනු නිගම් පවසා සිටියේ සචින් ගේ නව ඉනිමට සම්බන්ධ වීමට හැකි වීම පිළිබඳව තමා බෙහෙවින් සතුටු වන බවයි. සචින් විසින් ගීතය නිවැරදි ස්වරයෙන් ගායනා කිරීම පිළිබඳව තමා පුදුම වූ බවත්, ඔහුගේ මෙම දක්ෂතාවය හේතුවෙන් ස්වර නිවැරදි කිරීම සඳහා තාක්ෂණික සහය උපයෝගී කරගැනීමට අවශ්‍ය නොවූ බවත් සෝනු වැඩිදුරටත් පවසා ඇත.

ඔවුන් ගැයූ ‘ක්‍රිකට් වාලී බීට්’ ගීය පහතින් දැක්වේ.

සබැඳි පුවත් :
සෝනු, සචින් අළුත් වැඩක?

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top