nsb

Apr 04, 2017

කට නිසා රාඛි අත්අඩංගුවට

පන්ජාබ් ප්‍රාන්තයේ පොලිසිය විසින් අද (04) දිනයේදී ඉන්දීය නිළියක් වන රාඛි සාවන්ත් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
 
 ඇය මෙසේ අත්අඩංගුවට පත්වී ඇත්තේ රූපවාහිනි වැඩසටහනක් අතරතුරදී රාමායණය රචනය කළ වාල්මිකී ඍෂිවරයාට නින්දාවන අයුරින් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.
 
මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිටීමට මාර්තු 09 දිනයේදී ඇය අපොහොසත්වීමෙන් අනතුරුව ඇයව අත්අඩංගුවට ගන්නා මෙන් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබුණි.
 
මෙම නඩුවිභාගය යළිත් අප්‍රේල් 10දා විභාග වීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top