Apr 20, 2017

එළවළු ඔකෙස්ට්‍රා (වීඩියෝ)

ළමා කාලයේ පටන් සමාජය විසින් සෑමවිටකදීම අපට උගන්වනු ලබන්නේ ආහාර සමග සෙල්ලම් කිරීමෙන් වැළකී පිළිවෙලකට අනුභව කරන ලෙසයි.

නමුත්, මෙම සමාජ සම්මතයට පිටුපා අනගි කලාත්මක නිර්මාණයක් ලොවට හඳුන්වාදුන් පිරිසක් පිළිබඳව ඕස්ට්‍රියාවෙන් වාර්තා වේ.

වියානා නුවර එළවළු ඔකෙස්ට්‍රාව ලෙස මෙම පිරිස හැඳින්වෙන අතර, ඔවුන් ප්‍රසංගයකදී භාවිතා කරන සියළු සංගීත භාණ්ඩ නිර්මාණය කර ඇත්තේ එළවළු වලිනි.

වසර 1998 සිට ඇරඹුණු මෙම ඔකෙස්ට්‍රාවේ සංගීතය, නව සංගීත ප්‍රභේදයක ආරම්භයක් ද සනිටුවහන් කළේය.

ප්‍රසංගයක් ඇති සෑම දිනකම ඔවුන් ගේ වැඩ ආරම්භ වන්නේ එළවළු මිලදී ගැනීමට කඩපිලට යාමෙනි. ඉන්පසුව එළවළු යොදාගෙන සංගීත භාණ්ඩ තැනීමට ඔවුන්ට පැය 2-3ක් ගතවේ.

මෙම සංගීත සන්ධ්‍යාවට සහභාගී වන අමුත්තන් හට පිසින ලද එළවළු සුප් බඳුනක රස බැලීමට ද ඔවුන් ඉඩකඩ ලබාදෙන්නේ සංගීත භාණ්ඩ සැකසීමේදී ඉතිරි වන එළවළු නාස්ති වීම වළක්වමිනි.

ඔවුන් ගේ කතාව හා අපූරු සංගීතය පහතින් දැක්වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top