Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Apr 30, 2017

බහුබාලී - 2 වාරණය නොතකා සිනමාහල් 2ක ප්‍රදර්ශනයේ

සිනමා ශාලා 18ක සිනමා ශාලා හිමිකරුවන් විසින් ප්‍රදර්ශනය කිරීම ප්‍රතික්ෂේපකර ඇති ‘බහුබලී 2 ‐ ද කන්ක්ලූෂන්’ චිත්‍රපටය කොළඹ චිත්‍රපට ශාලා දෙකක ඊයේ (29) සිට ප්‍රදර්ශනය කරණ බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

අදාළ චිත්‍රපටය ප්‍රදර්ශනය කරනු ලබන්නේ නීතිවිරෝධී ලෙස බවද මේ අතර වාර්තා වේ.

චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමට චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයාගේ අනුමැතිය අත්‍යාවශ්‍ය වුවද, අදාළ සිනමා ශාලාදෙකම ‘බහුබලී 2 ‐ ද කන්ක්ලූෂන්’ චිත්‍රපටය ප්‍රදර්ශනය කරනු ලබන්නේ අදාළ අනුමැතියෙන් තොරව බවයි.

මේ සම්බන්ධයෙන් විමසීමට ශ්‍රී ලංකා මිරර් චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතීඥ දීපාල් චන්ද්‍රරත්න මහතා දුරකථනයෙන් සම්බන්ධකර ගැනීමට උත්සාහ කළද ඔහුගේ ජංගම දුරකථනය විසන්ධිකර ඇතිබැවින් එය අසාර්ථක විය.

සබැඳි පුවත්
බහුබාලි - 2 ලංකාවේ ප්‍රදර්ශනය අත්හිටුවයි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top