nsb

May 15, 2017

53 වසරකට පසු පෘතුගාලයට යූරෝවිෂන් ජයක් (වීඩියෝ) Featured

 
යුරෝපයේ විශාලතම සංගීත සැණකෙළිය සැලකෙන “යූරෝවිෂන්” තරගයේ ජය අත්පත් කරගැනීමට පෘතුගාලයේ 27 හැවිරිදි සැල්වදෝර් සොබ්රල් සමත් විය.
 
පෘතුගාලය මෙලෙස මෙම ජයග්‍රහණය අත්පත්කරගත්තේ වසර 53ක තරග ඉතිහාසයේ පළමුවැනි වරටයි.
 
සැල්වදෝර් විසින් ගායනය කරනු ලැබුවේ Amar Pelos Dois නම් ප්‍රේමණීය බැලඩ් ගීයයි. මෙහි විශේෂත්වය වන්නේ එම ගීය ඔහුගේ සොහොයුරිය විසින් රචනා කර තිබීමයි.
 
සම්මානය ලබාගනිමින් ඔහු අදහස් දැක්වූයේ මෙසේය :
 
“අප ජීවත් වන්නේ කෙටි කෑම වැනි ගීත ලෝකයක. ඒ නිසාවෙන් මෙය සංගීතයේ ජයග්‍රහණයක්. සංගීතය යනු මල්වෙඩි නොවේ. සංගීතය යනු හැඟීම්වලට!”
 
මේ වසරේ “යූරෝවිෂන්” තරගය යුක්රේනයේ කියෙව් නුවර පැවති අතර, එහි දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙලින් බල්ගේරියාවටත් මෝල්ඩෝවා රාජ්‍යයටත් හිමිවිය. සත්කාරක යුක්රේනයට හිමිවූයේ ද රටවල් 26ක් අතරින් 24 වැනි ස්ථානයයි.
 
“යූරෝවිෂන්” තරගයේ ලබන වසරේ සත්කාරකත්වය පෘතුගාලයට හිමිවේ.
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top