May 25, 2017

සත්ත්ව රූ වලින් හැඩවෙන සිඩ්නි ඔපෙරා ශාලාව

හෙට දිනයේදී සවස් යාමයේදී හිරු සැඟව යද්දී, සිඩ්නි ඔපෙරා ශාලාව නන් වර්ණයේ ආලෝක ධාරා වලින් සැරසෙනු ඇත.

ඒ, මෙවර විවිඩ් සිඩ්නි ආලෝක සැනකෙළියේ ආරම්භයත් සමගිනි.

සොබාදහම හා විද්‍යා ප්‍රබන්ධන ඇසුරෙන් නිර්මාණය වූ සත්ත්ව රූප වලින් සිඩ්නි ඔපෙරා ශාලාව වර්ණවත් වීමට නියමිතය.

මෙම විචිත්‍රවත් ප්‍රසංගය රූපවාහිනි වෙළඳ දැන්වීම් හා ගීත වීඩියෝ නිර්මාණකරු - ඈෂ් බොලාන්ඩ් ගේ අදහසකි.

'ඕඩියෝ ක්‍රීචර්ස්' (Audio Creatures) ලෙස නම් කර ඇති මෙම සජීවී ග්‍රැෆික් සත්ත්ව රූප ප්‍රසංගය, බ්‍රසීලයේ ආමොන් ටෝබින් ගේ ඉලෙක්ට්‍රොනික සංගීත රිද්මයට අනුව එළිදැක්වීමට නියමිතය.

සිඩ්නි ඔපෙරා ශාලාව ජීවයෙන් පිරුණු ඒකකයක් බවට පරිවර්තනය කිරීම මෙහි අදහස බව බොලාන්ඩ් පවසයි.

පසුගිය වසර වල මෙන්ම මේ වසරේදී ද විවිඩ් සිඩ්නි ආලෝක සැනකෙළිය සඳහා විශාල පිරිසක් ඇදී එනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top