nsb

Nov 09, 2016

මහ සයුරට ඇති බිය ජයගත් පියිපර් (වීඩියෝ)

ඉතා සුන්දර ලෙස නිමවූ ඇනිමේෂන් හෙවත් සජීවිකරණ කාටුන් චිත්‍රපට නිර්මාණ සඳහා ප්‍රසිද්ධියක් උසුලන පික්සාර් සමාගම සිය රසිකරසිකාවියන් හට තවත් නිර්මාණයක් තිළිණ කර තිබේ.

ඒ, මේ දිනවල ලොවපුරා එළිදක්වා ඇති ‘ෆයින්ඩින්ග් ඩෝරි’ (Finding Dory) චිත්‍රපටය සමග කෙටි චිත්‍රපටයක් ද එළිදක්වමිනි.

‘පයිපර්’ ලෙස නම් කර ඇති මෙම අපූරු කෙටි චිත්‍රපටයේ දැක්වෙන්නේ සයුරු තෙරට බිය වීම හේතුවෙන් ආහාර සොයාගැනීමේ දී බරපතල අභියෝගයකට මුහුණදෙන ‘සෑන්ඩ් පයිපර්’ විශේෂයට අයත් කුරුළු පැටවෙකුගේ කතාපුවතකි.

‘පයිපර්’ කෙටි චිත්‍රපටය පහතින් දැක්වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top