Jun 20, 2017

කරාතේ කිඩ් හා රොකී තියා ජෝන් නොඑන ගමන් යයි

ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් 'කරාතේ කිඩ්' ( Karate Kid) සහ 'රොකී' (Rocky) යන සිනමා කෘති වල අධ්‍යක්ෂක, ඔස්කාර් සම්මාන ලාභී ජෝන් ජි. අවිල්සන් ජීවන ගමන නිමකර තිබේ.

ඔහු ජිවිතක්ෂයට පත්ව ඇත්තේ පිළිකාවක් නිසා ය.

ඇමරිකා ලොස්ඇන්ජලීස් හි පිහිටි සේදාර්ස් සිනායි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී 81 හැවිරිදි අවිල්සන් මිය ගිය බව ඔහුගේ පුත් අන්තෝනි ප්‍රකාශ කර තිබේ.

සිල්වෙස්ටර් ස්ටලෝන් බොක්සින් ක්‍රීඩකයකුගේ චරිතයට පන පොවන රොකී සිනමාපටය, අවම මුදලක් වැය කරමින් නිමකළ එහෙත් ඉහල ආදායමක් ලබාගත් වාර්තාගත චිත්‍රපටයක් බවට පත් විය.

වර්ෂ 1976 දී තිරගත වූ රොකී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂක සහ හොඳම සංස්කරණය වෙනුවෙන් ඔස්කාර් සම්මාන දිනා ගන්නා ලදී.

බොක්ස් ඔෆිස් වාර්තා තබා 1984 තිරගත වූ “කරාටේ කිඩ්” චිත්‍රපටය ද අවිල්සන් ගේ අධ්‍යක්ෂණයකි.

කරාටේ කිඩ් 2, කරාටේ කිඩ් 3 යන සිනමා පට ද ඔහු ගේ නිර්මාණ වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top