Jun 27, 2017

“පංකජනී” රංගායතන සිසුවියන්ගේ ශීර්ෂාභරණ පැළඳවීම 01දා

නර්තන ආචාරිනී තනූජා හර්ෂණී පලිහේන මහත්මිය යටතේ “පංකජනී” රංගායතනයෙන් උඩරට නර්තන කලාව හදාරා පායිම්පත් පැළඳීමට අභිසෙස් ලැබූ දියණියන් දසදෙනාගේ ශීර්ෂාභරණ පැළඳවීමේ චාරිත්‍රානුකූල මහෝත්සවය පූලි 01 වැනිදා පැවැත්වේ.

එදින පෙරවරු 07.05 ට යෙදෙන සුභ මුහුර්තියෙන් කොරතොට පුරාණ රජමහා විහාරයේදී ප්‍රවීණ නර්තන ඇදුරු මඩුල්ලකගේ සහභාගීත්වයෙන් මෙය සිදු කෙරේ.

හනීෂා, ජයනි සචිනි, තුර්ෂි, අංජලී, ඕෂධී, කාව්‍යා, ජීනා, යහන්සා සහ දිල්මි මෙළෙස පායිම්පත් පැළඳීමට අභිසෙස් ලැබූ දියණියන් දසදෙනාය.

ඒ සඳහා සහභාගිවන ලෙස සංවිධායක මණ්ඩලය ඉල්ලා සිටී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top