15976 BM WEB BANNER 01
Aug 01, 2017

අලි කතාවට හීන හොයන සමනල්ලු පස්සට යයි ! Featured

සුනිල් ආරියරත්නගේ අලි කතාව චිත්‍රපටිය තවත් කාලයක් තිරගත කිරීමට අදාළව වාරණ නියෝගයක් ලබාගෙන තිබේ.

ඒ අනුව ලබන අගෝස්තු 02 (හෙට) සිට තිරගතවීමට නියමිතව තිබූ සුනිල් ටී ප්‍රනාන්දුගේ හීන හොයන සමනල්ලු චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම තවත් පස්සට ගොස් ඇත.

අලි කතාව ප්‍රදර්ශනය කිරීමට ලබාදී තිබූ සැවෝයි සිනමා ශාලාව අසල තට්ටු නිවාසය කඩා වැටීම නිසා එහි ප්‍රදර්ශන අපහසුතාව ඇතිව තිබීම, රත්නපුරේ ජෝති සිනමා ශාලාව ජලයෙන් යටවීම හා වර්ෂාව නිසා ඇතිවූ අපහසුතා යන කාරණා දක්වමින් අදාළ වාරණ නියෝගය ගෙන තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top