Aug 03, 2017

හදවතේ ගැස්මට නෙට් එකම ගැස්සූ වීඩියෝව

අන්තර්ජාලය තුළ සජීවීකරණ වීඩියෝ වලට ඇත්තේ ඉහළ ඉල්ලුමකි. සාමාන්‍යයෙන් ජනප්‍රිය වන්නේ පික්සාර් වැනි දැවැන්ත සමාගම් විසින් නිකුත් කරන නිෂ්පාදන වුවත්, සිසු සිසුවියන් පිරිසක් විසින් නිර්මාණය කර ඇති සංවේදීය සජීවීකරණ වීඩියෝවක් යූටියුබ් හි මේ වන විට ජනප්‍රියතම වීඩියෝ අතරට එක්ව තිබේ.

‘ඉන් අ හාට්බීට්’ (හදගැස්මක් තුළ) ලෙස නම් කර ඇති මෙම වීඩියෝවේ ඇත්තේ එකිනෙකා කෙරෙහිව ආකර්ශනයක් ඇති වූ පාසල් වියේ පසුවන පිරිමි දරුවන් දෙදෙනෙකු ගේ කතාපුවතකි.

Ringling College of Art and Design හි බෙත් ඩේවිඩ් හා එස්ටෙබාන් බ්‍රාවෝ යන සිසුසිසුවියන් දෙදෙනා ගේ පරිඝණක සජීවීකරණය පිළිබඳ නිබන්ධනයක් ලෙස නිමවූ මෙම වීඩියෝව මේ වන විට මෙම වීඩියෝව යූටියුබ් හි මිලියන 09ක ට වැඩි වරක් නරඹා තිබේ.

ක්‍රවුඩ්ෆන්ඩ් ක්‍රමවේදයෙන් මුදල් උපයාගෙන කික්ස්ටාටර් ඔස්සේ සිය නිෂ්පාදන වියදම් පියවාගැනීමට මොවුන් කටයුතු කර තිබුණි.

මේ අයුරින් නිමවූ මෙම අපූරු වීඩියෝව පහතින් බලන්න.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top