15976 BM WEB BANNER 01
Aug 08, 2017

ගොඩ්සිලා නළුවා සමුගනී

ගොඩ්සිලා ගේ චරිතයට මුලින් ම පණපෙවූ නළුවා වන හරුඔ නකජිමා මෙලොවින් සමුගෙන ඇතැයි වාර්තා වේ.

අසූඅට වියේ පසුවූ ඔහු නිව්මෝනියාව හේතුවෙන් ඊයේ (07) මියගොස් ඇති බව මෙම චිත්‍රපටය නිෂ්පාදනය කළ සමාගම සඳහන් කරයි.

ඔහු ගොඩ්සිලා ඇඳුමෙන් චිත්‍රපට 12 පෙනී සිටි අතර, තාත්වික රංගනයක් උදෙසා තෝක්යෝ සත්ත්ව උද්‍යානයේ දී සතුන් ගේ චලන අධ්‍යයනය කිරීමට ද කටයුතු කළේය.

ඔහු පළමුවරට ගොඩ්සිලා ලෙස රංගනයෙන් දායක වූයේ 1954දී ය. එම චිත්‍රපටය සඳහා ඔහුට ඇඳීමට සිදුවූ ගොඩ්සිලා ඇඳුම කිලෝ 100ක් පමණ බර බව ඔහු මේ වසරේ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top