Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Sep 05, 2017

ජපන් සංස්කෘතික ප්‍රදර්ශනය මෙවරත්

ජපන් තානාපති කාර්යාලය හා ශ්‍රී ලංකා ජපන් භාෂා ගුරු සංගමය සංවිධානය කරනු ලබන ජපන් සංස්කෘතික ප්‍රදර්ශනයක් අගෝස්තු 09 - 10 දින වල කොළඹ පිහිටි ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේදී පැවැත්වේ.

මෙම ප්‍රදර්ශනය අගෝස්තු 09 දින මධ්‍යහන 12 - ප.ව. 6.00 දක්වා ද අගෝස්තු 10 දින පෙ.ව. 9.00 සිට - ප.ව. 6.00 දක්වා ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.


බොන්සායි, ඉකෙබානා, ඔරිගාමි, ජපන් තේ පැන් සංග්‍රහය වැනි ජපන් සංස්කෘතික විශේෂාංග මෙහිදී දක්නට ලැබිය හැකිය. මෙම අංග පැවැත්වෙන වේලාවල් මෙසේය.

අගෝස්තු 09
ජපන් තේ පැන් සංග්‍රහය - ප.ව. 1.30 - ප.ව. 2.30
ඉකෙබානා - ප.ව. 3.00 - ප.ව. 4.00
ඔරිගාමි - ප.ව. 4.15 - ප.ව. 5.15

අගෝස්තු 10
ජපන් තේ පැන් සංග්‍රහය - පෙ.ව. 10.00 - පෙ.ව. 11.00
බොන්සායි - ප.ව. 1.00 - ප.ව. 2.00
ඉකෙබානා - ප.ව. 2.15 - ප.ව. 3.15
ඔරිගාමි - ප.ව. 3.30 - ප.ව. 4.30

2017 Japanese Culture Exhibition poster

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top