15976 BM WEB BANNER 01
Sep 25, 2017

නාර්ගිස් - උදේ පෙම යළි නවතියි?

ජනප්‍රිය බොලිවුඩ් නිළි නාර්ගිස් ෆාක්රි හා උදේ චොප්රා ගේ ප්‍රේමය යළිත් වරක් නැවතී ඇතැයි පැවසේ.

ඇතැම්විට පවතින හා හිටිගමන් නැවතී යන මොවුන් දෙදෙනාගේ ආදර කතාවේ යළිත් ගැටළු ඇති වී ඇතිදැයි සැක පහළ වී ඇත්තේ නාර්ගිස් විසින් පසුගියදා උදේ ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් unfollow කිරීම හේතුවෙනි.

මේ දින වල බොලිවුඩයේ අලුත් චිත්‍රපට වලට අතගසා නැති නාර්ගිස් වැඩි කාලයක් සිටිනුයේ ඇමෙරිකාවේ නිව් යෝක් නගරයේය. චොප්රා ද සිය පවුලේ චිත්‍රපට නිෂ්පාදන සමාගම වන යෂ් රාජ් සමාගමේ නව නිෂ්පාදනයක් සමග කාර්යබහුල ව සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top