nsb

Nov 21, 2016

‘2K ලට KK’ හෙට

විසුල හෙටක් නිර්මාණය කිරීමේ නිමිත්ත පෙරදැරි කරගත් අහස පොත් නාමාවලියට පෙරළිකාර පොත් 6ක් එක්වන දිනය නොවැම්බර් 22 දාට යෙදී තිබේ.

එදින එළිදකින්නේ ශ්‍රී ලාංකීය සාහිත්‍යයේ වෙනමම ශානරයක් විවර කළ කේ. කේ. සමන් කුමාරගේ කෘති 6කි. මේ අතරින් කෘති 5ක් ම නැවත මුද්‍රණ ලෙස අහස මුද්‍රාව යටතේ එළිදකී.

එ සඳ මම බලාසිටියෙමි, සඳැල්ලෙන් වැටී මිය ගියහ ඔවුහු, පිණි අහුරක්, නගා මැරූ අල, ලොලිටා යන කෘති 5 මෙසේ නැවත මුද්‍රණ ලෙස එළිදකින අතර ‘අසාත්මිකතාව’ නමින් ඔහු විසින් රචිත අලූත්ම කෙටි කතා කෘතිය ද එදින එළිදැක්වේ.

නොවැම්බර් 22 සවස 3.00 මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන මෙම පොත්එළිදැක්වීම ‘2k ලට kk’ යන තේමාව ඔස්සේ දිගහැරේ.

එදින මෙම කෘති පිළිබඳවත් කේ. කේ සාහිත භාවිතය පිළිබඳවත් විද්වත් අදහස් දැක්වීම් ත්‍රිත්වයකට ඉඩහසර වෙන් කර ඇත.

සමන් වික්‍රමාරච්චි, ජගත් මාරසිංහ සහ හෂිත අබේවර්ධන එම කාර්යය සිදුකරන අතර කේ.කේ සාහිත්‍යලෝලී සියලූ දෙනාට එදින හවස 3.00 ට මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයට රොක්වන ලෙසට අපි ඇරයුම් කරයි.

kksamankumara

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top