Sep 27, 2017

රූපවාහිනී ළමා දින උළෙල ඔක් 01 දා

මෙවර ජාතික රූපවාහිනී ළමා දින උළෙල ඔක්තෝබර් 01 වැනි දා උදේ 9.00 සිට කොළඹ 07 නිදහස් චතුරස‍්‍රයේදී සහ ජාතික රූපවාහිනී පරිශ‍්‍රයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

රූපවාහිනී කලාපය, ටිකිරි කලාපය, විනෝද කලාපය, ඉවුම් පිහුම් කලාපය සහ ඇඞ්වෙන්චර් කලාපය වශයෙන් කලාප පහකට බෙදා පැවැත්වෙන මෙම උළෙලේ සමාරම්භය පාසල් 04ක
ජිම්නාස්ටික් කණ්ඩායම් සහභාගීත්වයෙන්  පැවැත්වෙනු ඇත.

ඒ සඳහා සහභාගී වන සිසු සිසුවියන් සංඛ්‍යාව 350කි.

ළමා දිනය තේමා කර ගනිමින්  ‘‘සිත්තම් අස්වැන්න’’ නමින් විවෘත චිත‍්‍ර තරඟයක් ද වේදිකා නාට්‍ය, වීදි නාට්‍ය සහ වෙනත් නිර්මාණ ද මෙහිදී ඉදිරිපත් කෙරේ.

තවද මුතුහර ළමා සමාජ ආශි‍්‍රත කි‍්‍රයාකාරකම්, රූපවාහිනී කි‍්‍රයාදාමය පිළිබඳ ප‍්‍රදර්ශනයක්, ජංගම ග‍්‍රහලෝකාගාරයක්, පෙර පාසල් ළමුන්ගේ කි‍්‍රයාකාරකම් සඳහා වෙන්වූ කලාපයක්, ශරීර සුවතා සහ වීර වික‍්‍රමාන්විත කි‍්‍රයාකාකරම් මෙන්ම සජීව ළමා පුවත් විකාශයක්ද මෙම ස්ථානයේ සිට පවත්වාගෙන යනු ඇත.

විනෝද කී‍්‍රඩා රැසකින්ද සමන්විත වන මේ සඳහා  ප‍්‍රවීණ සූපවේදීන්ගේ මග පෙන්වීමෙන් ළමුන්ට ආහාර පිසීමට සලස්වන ඉවුම් පිහුම් කලාපයක්ද ඇතුළත් කර ඇත.
 
එමෙන්ම ළමුන් සහ වැඩිහිටියන්ට සහභාගී විය හැකි සංගීතමය වැඩ සටහන්ද, ළමා ආරක්‍ෂණ අධිකාරියේ දැනුම්වත් කිරමේ වැඩ සටහන්ද මෙයට ඇතුළත් කර ඇති අතර අක්‍ෂි සායන සහ දන්ත සායන සමඟ දෙමාපියන් දැනුම්වත් කිරීමේ කඳවුරක්ද ජාතික රූපවාහිනී ළමා දින උළෙලට ඇතුළත් කිරීමට සංවිධායකයින් පියවර ගෙන ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top