Sep 29, 2017

ITN FM පිම්මක් පනියි

ස්වාධින රූපවාහිනි ආයතනයේ සහෝදර ගුවන් විදුලි නාලිකාව වන අයි ටී එන් එෆ් එම් නාලිකාව ඔක්තොම්බර් දහවැනිදා (10) සිට නව්‍ය වැඩසටහන් සමඟ වෙනස්කම් රැසක් සිදුකරන බව එම ආයතනයේ සභාපති සමන් ආතාවුදහෙට්ටි මහතා පවසයි.

සභාපතිවරයා මේ බව සඳහන් කළේ අයි ටී එන් එෆ් එම් නාලිකාවේ සිදුකිරීමට නියමිත මෙම වැඩසටහන් සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පෙරේදා ( 27) ස්වාධින රූපවාහිනි
පරිශ්‍රයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

අයි ටී එන් එෆ් එම් ආයතනය සිදුකරන මෙම වෙනස ගුවන් විදුලි ශ්‍රාවක පිරිසට නවමු අත්දැකීමක් වනු ඇති බවත් රූපවාහිනි මාධ්‍ය කලාවේ මහගෙදර ලෙස ස්වාධීන රූපවාහිනි ආයතනය සෑම මොහොතකම සිය වගකීම නිවැරදිව ඉටුකිරීමට උත්සාහ කරන බවත් සභාපතිවරයා පැවසීය.

ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජලය පසුගිය කාලය තුළ සිදුකළ වෙනස්කම් හේතුවෙන් 2016 වසර වෙනුවෙන් පැවැති රයිගම් හා සුමති ටෙලි සම්මාන උළෙලේදී හොඳම නාලිකාව ලෙස පිඳුම්
ලැබූ බවත් සමන් අතාවුදහෙට්ටි මහතා පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වූ සමන් අතාවුදහෙට්ටි මහතා:-
"ලබන ඔක්තොම්බර් මස 10 වැනිදා සිට සිදුකරන වෙනස්කම් සඳහා අපට ඔබගේ සහය ඉතා වැදගත්. ඔබගේ අදහස්, යෝජනා විවේචන මේ සියල්ලම අපට වැදගත්. අයි ටී එන් එෆ් එම් නාලිකාව සිය වැඩසටහන් ගුණාත්මක හා වඩාත් ඵලදායි කිරීමත් මෙමඟින් අපේක්ෂා කරනවා. අතීතයේ සිදුවූ වැරදීම් තුළින් නව හරවත් නිර්මාණ ඔස්සේ ගමනක් යන්න අපි බලාපොරොත්තු වෙනවා".

මෙහිදී අදහස් දැක්වූ ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත්න මහතා;

"මේ වෙනසේදී අපි උත්සාහ කරන්නේ රේඩියෝ කලාව උඩුයටිකුරු කිරීමට උත්සාහ කිරීමක් නෙවෙයි. ඇත්තටම මෙය ශ්‍රාවකයන්ට නවමු අත්දැකීමක්. තරඟකාරී නාලිකා අතර
ITN DM භාෂා ප්‍රතිපත්තිය රැකගැනීම පිළිබඳවද අපි විශේෂ අවධානය යොමු කරනවා".

ක්‍රියාකාරී අධ්‍යක්ෂ විමල් කැටපෙආරච්චි මහතා:-
"මාධ්‍යකරණයේ ජනප්‍රිය දෙයක් තමයි ඔයාලා ඉල්ලන ඕන දෙයක් අපි දෙනවා කියන එක. අපි එයින් ටිකක් එහාට ගිහිල්ලා අපි කියනවා රහ සින්දු ඉල්ලන්න කියලා.අපේ දෛයිනික වැඩසටන් අතරින් අපේ සති අන්ත වැඩසටහන්වලත් වෙනසක් සිදු වෙනවා. ශ්‍රාවකයන්ට මැදිරියට ඇවිත් තමන්ගේ ජීවිතය ගැන කතාකරන්න සංස්කෘතික අභිලාෂයන් ගැන කතා කරන්න අල්ලාප සල්ලාපයේ යෙදෙන්න අවස්ථාවක් උදාකර දෙන්නත් අපි සුදානම්" යනුවෙන් සිය අදහස් දැකිවීය.

මෙම අවස්ථාවට ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ විශාල පිරිසක් එක්වූහ.

itn5



Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top