15976 BM WEB BANNER 01
Oct 02, 2017

වොන්ඩර් වුමන් ගෙන් කැමරන් ට දෝස්මුරයක්

හැත්තෑ වැනි දශකයේදී වොන්ඩර් වුමන් චරිතයට පණපෙවූ ලින්ඩා කාටර්, සුප්‍රකට ඇවටාර් චිත්‍රපටයේ අධ්‍යක්ෂක ජේම්ස් කැමරන් හට දෝස්මුරයක් නගා ඇතැයි වාර්තා වේ.

වොන්ඩර් වුමන් ලෙස ගැල් ගැඩොට් රඟපෑ නවතම වොන්ඩර් වුමන් චිත්‍රපටය, කැමරන් ගේ විවේචනයට ලක්ව තිබුණු අතර, ශක්තිමත් කාන්තා චරිත නිරූපණය කිරීමේදී මෙම චිත්‍රපටය පසුපසට තැබූ පියවරක් බව ඔහු සඳහන් කර තිබුණි.

ෆේස්බුක් සටහනක් යොදමින් ලින්ඩා කාටර් පවසා තිබුණේ කැමරන් හට ඇතැම් විට මෙම චරිතය පිළිබඳව අවබෝධයක් නැති බවයි.

ඇගේ ෆේස්බුක් සටහන මෙසේය.

wondrewomenfbpost

(බීබීසී සංදේශය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top