Oct 13, 2017

නිවේදිකාව අතපත ගෑවාට ඇෆ්ලෙක් සමාව ගනී

වසර 2013 දී සජීවී විකාශනයක් අතරතුර MTV වැඩසටහන් නිවේදිකාවක් හට ලිංගික අඩන්තෙට්ටම් කිරීම පිළිබඳව සමාව අයැදින බව ජනප්‍රිය හොලිවුඩ් නළුවෙකු වන බෙන් ඇෆ්ලෙක් සමාව අයැද තිබේ.

මෙම සිද්ධිය යළිත් කරළියට නැගී ඇත්තේ හොලිවුඩ් අධ්‍යක්ෂක හාවි වෙයින්ස්ටයින් ට එරෙහිව එල්ල වී ඇති ලිංගික හිංසන චෝදනා පිළිබඳව ඇෆ්ලෙක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිය කනස්සල්ල පළ කිරීමෙන් අනතුරුවයි.

මෙහිදී එක් රසිකයෙකු ට්විටර් ඔස්සේ මෙම සිද්ධිය මතක් කර පවසා ඇත්තේ එය කාලයත් සමග සියළුම දෙනා හට අමතක වී ගිය බවයි. කෙසේවෙතත්, මෙම සිද්ධියට මුහුණ දුන් නිවේදිකාව වන හිලරි බර්ටන් පිළිතුරු දෙමින් පවසා ඇත්තේ ඇයට එය අමතක නොවූ බවයි.

ඉන්පසුව ට්විටර් ඔස්සේ පණිවිඩයක් යොමු කරමින් බෙන් ඇෆ්ලෙක් බර්ටන් ගෙන් සමාව ඉල්ලා තිබේ. ඇෆ්ලෙක් ගේ ට්විටර් පණිවිඩය මෙසේය.

BenAfflek

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top