Oct 17, 2017

අපිට වඩා හොඳට ඒ ළමයි ඉංග්‍රීසි කතා කරනවා - අභිශේකා

දක්ෂ කලාකාරිණියක් වන අභිෂේකා විමලවීර මේ දිනවල  රියැලටි වැඩසටහනක විනිශ්චවරියක් ලෙස කටයුතු කරන අතර ඇතැම් කරුණු සම්බන්ධයෙන් සමාජජාල ඔස්සේ ඇය දෝශාරෝපණයටද ලක්ව සිටී.

විශේෂයෙන්ම එම තරගයේදී ඇය ඉංග්‍රිසීයෙන් කතා කිරීම  සමබන්ධයෙන් විවේචන එල්ල වී ඇත.

පුවත්පත් සාකච්ඡාවකට එක් වූ ඇය මේ පිළිබඳ අදහස් දක්වා තිබුණේ මෙසේය.

IMG 17102017 120549 0"මම දැක්කා සුලු පිරිසක්  චෝදනා කරනවා මම මේ වැඩසටහන තුළ ඉංග්‍රීසියෙන් කතා කිරීම ගැන. මන් නම් ඒ දේ වරදක් දකින්නේ නෑ.  මට හරිම සතුටුයි ඉංග්‍රිසි භාෂාවෙන් කතා කරන අවස්ථාවලදි ඒ දරුවන් ඉංග්‍රීසියෙන්ම පිළිතුරු ලබා දෙන එක ගැන. අපි පොඩි කාලේ ඉගෙන ගත්තෙ ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටක් කියලා, දැන් ළමයි ඉගෙන ගන්න්නේත් එහෙමමයි".

"මෙහෙම ගියොත් තව අවුරුදු 20 කින් ළමයි ඉගෙන ගන්නේත් ඒකමයි. අපි පුළුවන් හැම විටම අඩියක් හරි ඉස්සරහට තියන්න ඕනී. ඒ දරුවන් ඉංග්‍රීසියෙන් කතා කරද්දි ඒ දෙමව්පියන්ගේ මුහුණේ තියෙන සතුට හරිහැටි දැක්කොත් ඔය විදිහේ කතාවක් මට කීයටවත් කියන එකක් නෑ. අපි හිතුවට ඒ ළමයි ඉංග්‍රීසි දන්නේ නෑ කියලා අපිට වඩා හොදට ඒ ළමයි ඉංග්‍රීසි කතා කරනවා. සමහරක් අය කියලා තිබුනා මම දරුවන් අපහසුතාවයට පත් කරනවා කියලා ඉංග්‍රීසි කතා කරලා, දැනට එක දරුවෙක්ගෙන් පමණයි"

"මම ඇහුවේ 'Can You Dance?' කියලා ඒ ප්‍රශ්නෙදි  ඒ දරුවා 'Yes'කියලා උත්තර දුන්නා. අපේ රටේ දරුවන්ට Yes No කියලාවත් කියන්න බෑ කියලා හිතවනම් ඒක වැරදි. අපේ රටේ ඉන්නේ දක්ෂ දරුවෝ".
.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top