Oct 18, 2017

රහල් කාන්තාවකට පහර දුන්නේ 'ශෘංගාරී' නිසයි (වීඩියෝ)

යොවුන් ගායක රහල් අල්විස් මේ දිනවල යලිත් සමාජජාල තුල කතා බහට ලක්වෙමින් තිබේ.

ඒ ඔහු විසින් තරුණියකට මහමඟදී පහර දෙන ආකාරය දැක්වෙන සීසීටීවී කැමරාවක සටහන් දර්ශන වල ජායාරූප කිහිපයක්  අන්තර්ජාලයේ සීඝ්‍රයෙන් හුවමාරු  වෙමින් පවතින බැවිනි.

කෙසේ වෙතත් මේ වන විට ඔහුගේ නවතම ගීත  වීඩියෝව නිකුත්වී ඇති අතර මෙම ඡායාරූපය එම  මියුසික් වීඩියෝවේ එන රංගනයක් පමණකි. ඔහුගේ නවතම ගීතය 'ශෘංගාරී' ලෙස නම්කර තිබේ.

එම දර්ශන පෙළ ඔහුගේ නවතම ගීතය සදහා වූ පුර්ව ප්‍රචාරණයක් බව දැන් බොහෝ දෙනෙකුට පසක් වී හමාරය.

වැඩසටහනක් අතරතුර  ප්‍රේක්ෂිකාවකට ආවේගශීලීව කතා කිරීම නිසා පසුගිය කාලයේ රහල් අල්විස් බොහෝ පිරිසකගේ දෝෂ දර්ශනයට ලක්විය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top